The Vampire Diaries (2009) [S01 : E01] Sinhala Subtitle
ගොඩදෙනෙක් පෞද්ගලිකව වගේම, අපේ පේජ් හරහා ද ඉල්ලපු කතාවක් තමයි. වැම්පයර් ඩයරිස් කියන්නේ. ඒවගේම මේ කතාව ලොව පුරා ජනප්‍රියතම කතා වලින් එකක්.ඉතින් ඔන්න අපි ඒ වැඩේට අත ගැහූවා. මේ කතාවේ නමින්ම තේරෙනවානේ කතාව මොන වගේද කියලා.
වැම්පයර්ස්ලා (ලේ උරා බී ජීවත් වෙන අමනුශ්‍ය කොට්ටාශයක්), ඔරිජිනල්ස්ලා (මුල්ම වැම්පයර්ස්ලා ), වෙයවුල්ෆ්ලා කියන අමනුශ්‍ය කොට්ටාශ වගේම, මායාකරුවන්, දඩයක්කාරයන් වගේ අයද එකී, මෙකී නොකී මිත්‍යා හා පුරාවෘත පදනම් කරගෙන මේ කතාව ඉදිරියට ගලාගෙන යනවා. ත්‍රාසය, භීතිය කුතුහලය ඕනාවටත් වඩා තියෙනවා. ඒ වගේම ආදරය, වියෝව, ශෘන්ගාරයත් නොඅඩුවම තියෙනවා.
සිනමා දර්ශක හැම එකකම වගේ 8 හෝ 80% ට වැඩියෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙන මේ කතාව මුල් කරගෙන තමයි දී ඔරිජිනල්ස් (The Originals) කියන කතාව පවා නිර්මාණ්ය වුනේ. මේ කතාවේ ලේ උරාබොන දර්ශණ, මරණ, කපන කොටන දර්ශණ වගේම ශෘන්ගාරාත්මක දර්ශණද අන්තර්ගතයි. ආ මධ්‍යසාර දර්ශණත් තියෙනවා හොඳේ.
මෙවර කොටසින්…
කතාව ගෙතෙන්නේ එලේනා කියන ගෑනු ළමයෙක් වටා. දෙමව්පියන්ගේ මරණයෙන් පසු තමන්ගේ සහෝදරයත් සමඟ තනිවෙන එලේනාව රැක බලාගන්නේ එයාගේ අම්මාගේ සහෝදරියයි. එලේනට මුණගැහෙනවා අමුතු තරුණයෙක්. ස්ටෙෆන් සැල්වේටර්. අවුරුදු 150කටත් වඩා වයසයි හැබැයි. ඒත් තාම තරුණයි. මොකද කියනවානම් ස්ටෙෆන් වැම්පයර් කෙනෙක්. අවුරුදු 145කට කලින් මියගිය ස්ටෙෆන්ගේ පෙම්වතිය වන කැතරින්ගේත්, එලේනාගෙත් රූපය එක සමානයි. ඉතින් ස්ටෙෆන්ට එලේනා ගැන ආදරයක් ඇතිවෙනවා. ස්ටෙෆන් නගරයට එනවාත් සමඟම නගරයට අමුතු කරදරත් අතිවෙනවා. ඒවාට වග කියන්න ඕන ස්ටෙෆන්ද? ඇත්තට්ටම එයා හොද වැම්පයර් කෙනෙක්ද? එලේනාගේත් ස්ටෙෆන්ගේත් ආදර කතාව මොන වගේ වේවිද කියලා ඔයාලා කතාව නරඹලාම දැනගන්නකො. වැඩි විස්තර කිව්වොත් කතාවේ රසය අඩු වෙනවනේ…
Elena is drawn to Stefan, a handsome and mysterious new student; Vicki is attacked at a party; Stefan learns that his evil older brother has returned.
නියමයි සහෝ… ස්තුතියි සබට. ජය!!
mcho wedenam ela ,,thawath ela wenawa digatama dunnot,, wena site ekak maga nawaththala dala tiyenne
මචන් දිගටම සබ් දෙනවද???
ඔව් සහෝ
s 1 ep 18 nNane
thnx saho sub ekta me page eken dena serious tikta sub nathiwa hitiye epa wela.digtma krgena yamu
මචන් වැඩේ නම් වටිනව ඒත් අවුල තමා මේව වල එපියෙන් එපිය බාන්න 250mb වලට වඩා අඩු සයිස් ටොරන්ට් නෑ ඒ වගේම මුලු සීසන් එකම බාන්න 3gb වලට වඩා අඩු ඒවත් නෑ ඒ නිසා ලින්ක් ටිකත් දුන්නනම් තමා හොද
Thanks bn sub walata……..
https://androidosl.wordpress.com/2016/09/18/%E0%B6%91%E0%B6%AF%E0%B7%8F-%E0%B6%B8%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B7%92%E0%B6%BA/ oya blog 1e tv series goka ewata link thiynwa.math fb 1e dakke.480p wage thiynwa dwn kra ganin.
මේකේ ඉතුරු ටිකටත් කවුරුහරි සබ් දාපල්ලකෝ බං. සදා ජය
very Nice
😀good very good😍😍
සබ් එකට තෑන්ක්ස්. දිගටම සබ් දෙමු. එළ…
download krla extract klata athule kisima file ekak nane bn 😪
sthuthiyi saho upasisrasiayata….
සබට තෑන්ක්ස් බ්‍රෝ!