El Chapo (2017) [S01 : E03] Sinhala Subtitle
ටෙකාටේ වල ලොක්කා වුන ගමන්ම චපොට වෙන්නේ හොඳ දෙයක් නෙමෙයි කියලා අපි දැක්කනේ. චපොගේ යාලුවා රායෝව ටිහුවානා වල ලොක්කෝ අවෙන්දානොස්ලා මරනවා. ඉතින් මේ කොටස පටන් ගන්නේ චපෝ එයාගේ යාලුවා ගුවේරෝයි, ටොනෝයි එක්ක අවෙන්දානොස්ලාගෙ කාර් එක එලෝලා ගිහින් පලිගන්න වෙඩි තියන කොටසින්. කොහොම හරි එතනින් බේරෙන්න අවෙන්දානොස්ලාට පුළුවන් වෙනවා. අවෙන්දානොස්ලාත් චපෝ ඉන්න ගේ ඉස්සරහට කාර් බෝම්බයක් එවලා පුපුරවනවා. මේ ඔක්කොම වෙද්දී ඇමෙරිකන් තානාපතිටයි, මෙක්සිකන් DEA ලොක්කාටයි කේන්ති ගිහින් කරන්න ඕන දේ ජනාධිපතිටයි, ජෙනරාල් බ්ලන්කෝටයි කියනවා. ඊට පස්සේ අමාදෝව හිරෙන් නිදහස් කරන රජය අමාදෝව ඉත්තෙක් කර ගෙන මත් ද්‍රවය කල්ලි පාලනය රජය අතට ගන්නවා.
හැමදේම සාමාන්‍ය අතට එද්දිම ආපහු අවෙන්දානොස්ලා චපෝව බය කරන්න ගුවේරෝගේ බිරිඳවයි, ළමයි දෙන්නවයි මරනවා. ඊට පස්සේ චපෝ සිනලෝවා ලොක්කා ස්මයිල් හම්බ වෙලා……
තව පොඩ්ඩෙන් අමතක වෙලා මුළු කතාවම ලියනවා. මේ කොටස බලන්න. දැන් නම් දවසින් දවස කුතුහලය වැඩි වෙනවා. NETFLIX වැඩක්නේ. ලස්සනට කරලා තියෙනවා. ඊළඟ කොටසින් හෙට හම්බ වෙමු.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
elaz niyamai
patta macho