Trending

Night Patrol (2026) Sinhala Subtitle

50 Views

මේ කතාව පටන් ගන්නේ වසි කියන තරුණයා පොලිස් ප්‍රශ්න කිරීම් කාමරයක ඉන්න අවස්ථාවකින්. එයාගේ බඩට ලොකු තුවාලයක් වෙලා තියෙනවා. පොලිස් නිලධාරියෙක් ඇවිත් සිද්ධ වුණ දේවල්වල වගකීම වසි භාර ගන්නවා කියලා ලියවිලි වගයකට අත්සන් ගන්න හදනවා. ඊට පස්සේ කතාව දවස් කිහිපයක් පස්සට යනවා.

වසි එයාගේ පෙම්වතිය වුණ ප්‍රිමෝ හම්බ වෙන්න කාර් එකකට යනවා. එයාලා කතා කර කර ඉද්දි පිටිපස්සෙන් පොලිස් ලයිට් වැටෙනවා. කිසිම හේතුවක් නැතුව ප්‍රිමෝට කාර් එකෙන් බහින්න කියනවා. එතනදි ඊතන් හෝකින්ස් කියන පොලිස් නිලධාරියා ඇවිත් ප්‍රිමෝට වෙඩි තියලා මරනවා. වසි කොහොම හරි එතනින් පැනලා යනවා. පැනලා යන ගමන් එයාට පොලිස්කාරයෙක් මුණ ගැහෙනවා. ඒ වෙලාවේ වසිගේ ඇඟිල්ලේ තියෙන මුද්දක් කොළ පාටට දිලිසෙන්න පටන් ගන්නවා. ඒක දැකලා ඒ පොලිස්කාරයා බය වෙලා දුවනවා.

මේ අතරේ සේවියර් කියන්නේ වසිගේ සහෝදරයා. එයා ලොස් ඇන්ජලීස් පොලිසියේ වැඩ කරන කෙනෙක්. එයාලා හැදුණු වැඩුණු මහල් නිවාස සංකීර්ණය අවට තියෙන මැර කල්ලි සහ පොලිසිය අතර ලොකු ගැටුම් තියෙනවා. එයාලගේ අම්මා වුණ අයන්ඩා ප්‍රදේශයේ බලවත් කාන්තාවක් වගේම සූලු ගෝත්‍රික සම්ප්‍රදායන් සහ ගුප්ත දැනුම ගැන හොඳට දන්න කෙනෙක්. එයා කලින් ඉඳන්ම මේ අනතුර ගැන ලෑස්ති වෙලා හිටියේ.

වසි ඇත්ත දැනගත්තට පස්සේ බෝනේලියස් ඇතුළු පිරිස එක්ක සිද්ධිය වුණ තැනට ආයේ යනවා. එතනදි එයාලට ප්‍රිමෝගේ කැපුණු ශරීර කොටස් හම්බ වෙනවා. ඊට පස්සේ එයාලට තේරෙනවා නයිට් පැට්‍රෝල් කියන පොලිස් කණ්ඩායම සාමාන්‍ය පොලිස්කාරයෝ නෙවෙයි කියලා. එයාලා මිනිස් ලේ බොන වැම්පයර්ලා. එයාලට ලෝහ දත් තියෙනවා, සාමාන්‍ය විදියට මරන්නත් අමාරුයි. එයාලා කරන්නේ ප්‍රදේශයේ මිනිස්සුන්ව ගොදුරු කරගන්න එකයි, කල්ලි අතර ගැටුම් ඇති කරලා පස්සේ ඇවිත් ඒක පාලනය කරනවා වගේ රඟපාන එකයි.

සේවියර්ටත් මේ රහස ටිකෙන් ටික තේරෙනවා. එයාට තමන්ගේ සහෝදරයාවයි, තමන්ගේ ගමේ මිනිස්සුන්වයි බේරගන්න ලොකු වගකීමක් එනවා. පොලිස් නිල ඇඳුම සහ තමන්ගේ පවුලේ අය අතරින් එයාට තෝරගන්න සිද්ධ වෙනවා.

අන්තිමේදී මැර කල්ලි දෙකත් එකතු වෙලා මේ වැම්පයර් පොලිස්කාරයන්ට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. වසි සූලු රණශූර ඇඳුම ඇඳගෙන ඊතන් එක්ක දරුණු සටනකට යනවා. ඒ සටනෙන් ඊතන් මැරුණත් වසිටත් ලොකු තුවාල වෙනවා. වසි සාජ් කියන නිලධාරියාවත් මරලා දානවා. ඒත් තුවාල වෙච්ච වසි ඉස්සරහට තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එනවා. එතකොට තේරෙනවා මේ කුමන්ත්‍රණය එක කණ්ඩායමකට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි, මුළු පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙම ගැඹුරට මුල් බැහැගත්ත දෙයක් කියලා.

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
196 Movies
659 TV Series
855 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි ඇතුලත් කල විඩියෝ පිටපත්

2 quality options

Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search