Narcos: Mexico (2018) [S01 : E01] Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම. නාකොස් බලන අය ඉවසිල්ලක් නැතුවනෙ හිටියේ අලුත් සීසන් එකක් එනකන්. ඔන්න එහෙනම් ආපු අලුත් සීසන් එකේ පලවෙනි එපියට සබ අද ගෙනාවා. හැබැයි මේක කලින් සීසන් වගේ කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන නෙවෙයි තියෙන්නේ. මේකෙ තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩියෙන්ම කෙරීගෙන යන මෙක්සිකෝවේ ජාවාරම් කරුවන් ගැනයි. වර්තමානයේ මෙක්සිකෝවේ පවතින මත්ද්‍රව්‍ය යුද්දය ආරම්භ වුනේ කොහොමද කියන එක තමයි මේ නාකොස් අලුත් සීසන් එකේ තියෙන්නේ. මේ සීසන් එක වෙනම සෙරීස් එකක් විදහට තමයි යන්නේ. ඒක නම් කරලා තියෙන්නේ නාකොස් : මෙක්සිකෝ කියන නමින්. මෙක්සිකෝවේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ වෙලා තියෙන්නේ පුංචියට. මුලින්ම මේ මෙක්සිකෝවේ අය කරලා තියෙන්නේ මර්ජුවානා බිස්නස් එක. ඒ කියන්නේ ගංජා බිස්නස්. 70වේ දශකය ගත්තොත් ලෝකේ තියෙන හොදම ගංජා තිබිලා මෙක්සිකෝවේ. හැබැයි මේ පොඩියට ගංජා බිස්නස් එක කරගෙන යන අතරේ තමයි කොලොම්බියාවේ පබ්ලෝ එස්කෝබාර් කොකේන් බිස්නස් ලොකුවට කරගෙන යන්නේ. ඉතින් ඕක ගැන දැනගත්තු මෙක්සිකෝවේ ගංජා බිස්නස්කාරයෙක් වුනු මිගුවෙල් ඒන්ජල් ෆීලිස්ක් කියන කෙනාට හිතෙනව මේ කොකේන් බිස්නස් එකට බහින්න. මොකද ගංජා බිස්නස් එකෙන් ලැබෙන ලාබය වගේ 10 ගුනයක් වගේ ලාබයක් මේ කොකේන් වලින් ලබාගන්න පුලුවන් නිසා. ඉතින් මේ ෆීලික්ස් කියන පුංචි මනුස්සයා මර්ජුවානා ව්‍යාපාරයෙන් දියුණු වෙලා ඒක කොකේන් ව්‍යාපාරය දක්වා ගෙනියන හැටි තමයි මේ සීසන් එකේ තියෙන්නේ. මේ සීසන් එකේදී ඔයාලට පබ්ලෝ එස්කොබාර්ව එහෙමත් තැනකදී දැකගන්න පුලුවන්. මොකද ෆීලික්ස් කොකේන් ගනුදෙනු කතා කරගන්න කොලොම්බියාවට යන නිසා. මේකේදි ඔයාලට කලින් සීසන් වල හිටපු නලුවොනම් දැකගන්න ලැබෙන්නේ නැහැ. මොකද මෙක්සිකෝවේ මේ කාලේ මේ සිද්දි වෙනකොට හාවියර් පෙන්‍යා එහෙම කොලොම්බියාවෙ පබ්ලෝවා අල්ලන්න ගේම ගහන ගමන් නිසා. මේ සීසන් එකේ ප්‍රධාන චරිත වලට පනපොවන්නේ දියාගෝ ලූනා-ඒන්ජල් ෆීලික්ස් ලෙසත් එතකොට මයිකල් පෙන්‍යා කිකී කැමරේරා විදිහටත්. තව හුග දෙනෙක් ඉන්නේ අපි වැඩිය අදුරන්නේ නැති ලතින් ඇමරිකන් නලු නිලියෝ තමයි. මටනම් කියන්න තියෙන්නේමේ සීසන් එක අනිත් සීසන් වගේමයි කියලායි. කම්මැලි නැතුව එක දිගට බලන්න පුලුවන්. එහෙනම් හැමොම කොලොම්බියාවේ ලොක්කෝ ගැන බැලුවා වගේ දැන් මෙක්සිකෝවේ ලොක්කො ගැනත් බලන්න එන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඊලග එපියෙන් හමුවෙමි. ජයවේවා!
Narcos: Mexico is an American crime drama web television series created and produced by Carlo Bernard and Doug Miro.
Thank broo sub ekataa…
Narcos: Mexico (2018) [S01 : E04] nane machan kavadada denne sub
හම්මේ මේක දෙනකම් හිටියෙ බොහොම ස්තූතියි සහෝ 😍….. හැබැයි ගියපාර වගේ ගොඩක් කල් ඇර ඇර නම් සබ දෙන්න එපා. එහෙම උනොත් කුතුහලේ වැඩි කමට ඔහේ බලල දානවා 😂😂😂
ko machan sub 04 ne ney
thanks machans sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…කලින් සීසන් එකේ වගේ නම් ගොඩාක් කල් අදින්න එපා සහෝ… හැකි ඉක්මනින් සබ් දෙමුජය
bro thanx bn sub 1ta enakan balanma hitiya plz ikma inith tikath denna
Thanks machan…..jayawewa…..!
thnx for sub
අලුත් අවිරැද්දේ හැදෙන්න කියලා හිතුවා විතරයි ඇබිබැහි කරනවානේ 😂 ස්තුතීයි සහෝ දිගටම වගේම ඉක්මනටත් දෙන්න 👍
ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Thnx sub ekata ithuru thikath dennako 😘😘😘😘😘
නියමයි…සබ් එකට තැන්ක්ස්….මේකට සබ් දෙනකම් බලන් හිටියේ…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…