Rambo (2008) Sinhala Subtitle
Sylvester Stallone, Julie Benz, Matthew Marsden, Graham McTavish
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටයක උපසිරැසියක් තමයි අද අරගෙන ආවේ. කට්ටිය බලනවා ඇති මොකද මේ පරණ ෆිල්ම් එකකට උපසිරැසි ගෙනත් තියෙන්නේ කියලා. ඒකට හේතුව තමා, හැමෝම රැම්බෝ චිත්‍රපට මාලාව බලලා ඇති. ඉතින් ඒ ප්‍රසිද්ධ චිත්‍රපට මාලාවේ පස්වැන්න විදිහට හඳුන්වන රැම්බෝ ලාස්ට් බ්ලඩ් චිත්‍රපටය මේ ළඟකදී නිකුත් වුණා. ඒක බැලුවට පස්සේ පරණ රැම්බෝ සීරියස් එක බලන්න ආසාවක් ඇතිවුණා. ඒ ආසාව නිසාම ආයේ පරණ ෆිල්ම් ටික ඩවුන්ලෝඩ් කළා. ඉතින් 1,2,3,4 චිත්‍රපටවලට සිංහල උපසිරැසි අන්තර්ජාලයේ තිබුණත්, රැම්බෝ 2008 ෆිල්ම් එකේ Extended Version එකක් ඇවිත් තිබුණට ඒකට හරියන උපසිරැසි අන්තර්ජාලයේ නොතිබුණ නිසා, Extended Version පිටපත බලන්න ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි කියලා හිතලා උපසිරැසිය කෙරුවා.
හැබැයි මට නම් මේ ෆිල්ම් එක කලින් ෆිල්ම් ටික තරම් සෙට් වුණේ නෑ. කතාවත් ඒ හැටි ලොකුවට නෑ. ඒ නිසා මං කතාව ගැන කියන්න යන්නෙත් නෑ. හොඳ ක්‍රියාදාම ටිකක් සිල්ම් එකේ තියෙනවා වගේම සංවේදී දර්ශන එහෙමත් තියෙනවා. අමුතුවෙන් ලොකු විස්තර කියන්න ඕනේ නැති නිසා ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම්, ආයේ උපසිරැසියකින් හම්බවෙන තුරු මං දැනට සමු ගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
ලබා දී ඇති උපසිරැසි Extended Bluray පිටපත් සඳහා පමණක් ගැලපේ.
විශේෂ:-
උපසිරැසි ගොණුවේ Extended වීඩියෝ පිටපත් තුනකට ගැලපෙන පරිදි උපසිරැසි තුනක් ඇතුලත් සහ ඒ අදාල වීඩියෝ පිටපත්වල ලින්ක්ස් ද ලබා දී ඇත. එම නිසා එක් එක් වීඩියෝ පිටපතට අදාල වන උපසිරැසිය යොදා නරඹන්න.
Thanks jayawewa…. ..!
Thanks 🙏
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
supri brooo
suba aluth awrudak wewa
bala gana hitapu sub ekak thanks bro
අදහස් පළකළ හැමෝටම ස්තූතියි වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
පට්ට සහෝ මේ සබ විතරයි ටයිම් එකට ප්ලේ වෙන්නෙ ගොඩක් ස්තූතියි
තෑන්ක්ස් කමෙන්ට් කළාට.
meke direct link eka download karanna bane error wela eka hadannako
meke direct link eka download karanna bane File Not Found kiyala watenawa eka hadannako