The Purity of Vengeance (2018) Sinhala Subtitle
අද එහෙනම් මන් වෙනත්ම ෆිල්ම් එකක් තමා ගෙනාවේ.මේක subzlk රසික ඉල්ලීමක් තමා.විශේෂ්යෙන් මේ වෙලාවෙදි මන් කලින් උපසිරැසි හදපු The Theory of Everything ෆිල්ම් එකට comment කරපු ‘සමන්’ සොහොයුරා සහ ‘K.sudhassana හිමි’ ඇතුළු පිරිස මතක් කරන්න ඕන.මොකද ඒ අය තමා මේ වගේ මාව පිස්සු වට්ටපු මේ ෆිල්ම් එකට උපසිරැසි හදන්න කියලා.ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකට උපසිරැසි භාර ගත්ත එකත් මන් කරපු මෝඩ වැඩක් කියලත් හිතුණා.මොකද මේ ෆිල්ම් එකට හරි හමන් English උපසිරැසියක් ඇවිත් තිබ්බේ නෑ,ගත්ත එකෙත් පට්ට අමාරු English Language එකක් තිබ්බේ, මොනවා උනත් මේ ෆිල්ම් එකනම් පට්ටම ෆිල්ම් එකක්. ඒවගේම මේක තමා මන් බලපු මුල්ම ඩැනිෂ් ෆිල්ම් එක.ඩැනිෂ් කිව්වම දන්නවනේ ඉතින් Denmark කියලා.හොදයි,ඔය ඇතිනේ බයිල ගැහුවා දැන් ඉතින් පොඩ්ඩක් ෆිල්ම් එක ගැනත් කියන්නම් .
මේ ෆිල්ම් එක Christoffer Boe විසින් තමා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ, ඒවගේම මේකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා.ඒ Carl සහ Assad. මේකේ Carl ගේ චරිතය Nikolaj Lie Kaas විසින්ද Assad ගේ චරිතය Fares Fares විසින් රග දක්වනවා.මේ ෆිල්ම් එක මේ වන විට නම් IMDB අගය 7.5 වැනි ඉහල අගයක් තමා අරන් තියෙනවා. ඉතින් ආයේ දෙකක් නෑ ෆිල්ම් එක සුපිරි තමා.හැබැයි තව දෙයක් තියෙනවා ෆිල්ම් එක සීන් එකක්වත් අවධානයක් නැතිව බලන්න එපා ,එහෙම වුණොත් ඉස්සරහට වෙන දේවල් තේරෙන්නෙවත් නෑ.ඔය ප්‍රශ්නේ මුලින් මටත් ආවා.පස්සේ මට එපා වෙලා සතියක් විතර උපසිරැසිය හදන එකත් නැවැත්තුවා.පස්සෙ උපසිරැසිය බාරගත්තන්නම් ඒ කිව්ව විදියටම උපසිරැසිය දෙන්න ඕන හින්දා ආයේ ෆිල්ම් එක බලන්න ගත්තා.ඊටපස්සේ තමා කතාව මීටර් වුණේ.තව දෙයක් කියන්න ඕන මේ උපසිරැසිය හදද්දී මන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා, පස් සැරයකට වඩා කරන්ට් එක නැතිවෙලා උපසිරැසියේ translate කරපු lines 100,200 නැති වුණා.ඊටපස්සේ ආයෙත් ඒවා translate කර කර කොහොමහරි හදලා දැම්මා.හැබැයි ඒකත් පටටම ආතල් එකක් තමා.මොකෝ ඒකෙන් මාව line by line save කරන්න පුරුදු කළා.මන් ෆිල්ම් එකේ මොනවද වෙන්නෙ ඒවා මුකුත් කියන්න යන්නේ නෑ ඒවා කිව්වොත් තේරුමක් නෑ නේ.ඒවගේම ෆිල්ම් එකේ මුල් ටික නම් ටිකක් බෝරින් ඒ ටික වැඩිය ගනන් නොගෙන බලන්න.තව ෆිල්ම් එක download කරද්දි අපි දීලා තියෙන link එකෙන්ම කරගන්න.මොකද මේ උපසිරැසිය හදද්දී ගත්ත English උපසිරැසිය ෆිල්ම් එකට හරියට set වුණේ නෑ.මන් ඊට්පස්සේ ඒකේ time lines හදලා ගානට ෆිල්ම් එකට හරියන්න හදලා තියෙන්නෙ.උපසිරැසිය පිළිබද ගැටළුවක් තියෙනවනම් comment කරන්න.හැමෝටම සුභ දවසක්,ඊළග උපසිරැසියෙන් නැවත හමුවෙමු.
Puluwannam “prasthanam” kiyana film ekata subtitles denna…ආසියාවේ majara desapalanaya pilibada hoda sinamarupi film ekak..imd 9 ganak thiyanawa ..thama kisima website ekakin sinhala subtitles karala na…
“Prasthanam” obeth awasthawak wei hoda sinama kruthi rasikayanta gena ennek lesa…
Blueray ekata dennako plz
thanks for the sub….