Cannibal Holocaust (1980) Sinhala Subtitle
නිරුවත් දර්ශණ සහ අමානුෂික ලේ වැගිරීම් දර්ශණ ඇතුළත් බැවින් වයස අවු 21 අඩු අයට නැරඹීමට කිසිසේත්ම සුදුසු නැත!!!
අමානුෂික මිනිස් ඝාතන,සත්ව ඝාතන ලිංගික දර්ශණ සහ අප්‍රසන්න දර්ශණ ගොඩක් මේ චිත්‍රපටියේ ඇතුළත් වෙලා තියෙන නිසා හිත හයිය කෙනෙක්ට ඇරෙන්න සංවේදී අයට කොහොමටවත් මේක බලන්න බැහැ.ඒ නිසා සංවේදී අය මේක බලන්න උත්සාහ කරන්නත් එපා කියලා තමයි කියන්න තියෙන්නේ.
ආයුබෝවන්….මේක මගේ 26 වන උපසිරැසිය…ඔන්න ඉතින් මිනී කන්නන්න්ගේ දේශය නමින් පටබැදුනු තවත් සිනමා පටියක් අරන් තමයි මේ ආවේ….
Cannibal holocaust 1980
කැනිබල් හොලොකස්ට් එහෙම නැත්නම් මිනී කන්නන්න්ගේ සමූහ ඝාතනය, බලන්නම වටින චිත්‍රපටයක්…මම කලින් ඔයාලට ගෙනාවා eaten alive 1980..
ඉතින් මම මේක අරගෙන ආවේ ඔයාලට බලන්න..මගෙන් කට්ටිය ඉල්ලීම් කලා මේවගේ ඒවට සිංහල උපසිරැසි දෙන්න කියලා…ඉතින් ඒ ඉල්ලීම් හැබෑ කරන්න තමයි මේක ගෙනාවෙ….හැබැයි මේක බලන්න අමාරු චිත්‍රපටයක්…කැනිබල් ඒවා කොහොමත් එහෙමනෙ…මම අහල තියෙන විදිහට ඇත්තටම මුන් වගේ උන් තාමත් ඇමේසන් වල ඉන්නවලු..
උනුත් ඉන්න එපයි නේද…හරි එහෙනම්..අපි බලමු මොකද්ද මේකෙ සීන් එක කියලා..ඔක්කොම කියන්නෙත් නෑ…පොඩ්ඩක් කියන්නම් උඩින් පල්ලෙන්…
වාර්ථා චිත්‍රපට හදන කණ්ඩාමක් කැලේට යනවා..ගියාට ආපහු එන්නෙ නෑ…ඉතින් එයාලා ගැන හොයන්න තවත් කට්ටියක් යනව…ගියාට පස්සෙ කලින් ගියපු කණ්ඩායමේ කැමරා,සේයා පට එහෙම හම්බවෙලා අරන් එනව…ඒ සේයා පට වල තියෙනවා කලින් ගියපු කණ්ඩායමට උන දේවල්….මේක තමයි සාරාංශය..
මම කලින් දුන්න eaten alive 1980 චිත්‍රපටයෙ නලුවෙකුත් මේකෙ ඉන්නවා Robert Kerman කියලා..එයා තමයි මේකෙ ප්‍රධාන නලුව.. ලොකුවට කියන්න යන්නෙ නෑ…
මේ චිත්‍රපටයෙ ශබ්දය එහෙම පොඩ්ඩක් අවුල් වගෙ තියෙනවා..සබ් එකෙත් චූටි චූටි අවුල් ඇති.මොකද ඉංග්‍රීසි සබ් එක අවුල් නිසා…පුලුවන් තරම් මම නිවරදි කලා…ප්‍රශ්නයක් නැතිවෙන්න..
මචන්ලා පුලුවන්නම් කමෙන්ට් එකකින්වත් දිරිමත් කරපල්ලා අපිව..උබල නිසාමයි රෑ නිදි මරාගෙන කාලෙ කාගෙන පෝන් එකෙන් සබ් හදන්නෙ….ඉතින් උබල නිසාම මම එහෙම කරද්දි උබලත් පොඩි හරි සප් එකක් දියල්ලා…නැත්නම් සබ් හදන එකත් එපා වෙනව බන්….මේ චිත්‍රපට වලට කවුරුවත්ම සබ් හදල නැති නිසා උබලට බලන්නමයි මම මෙහෙම කට්ටක් කාගෙන සබ් හදන්නෙ…..සලකලා බලහල්ල ඉතිම්..
YTS එකෙන් බාගනිල්ලා…
BLURAY වලට සබ් එක හදල තියෙන්නෙ..
මචන්ලා මම දාපු වීඩියෝ ලින්ක් ඇඩ් වෙලා නෑ…සබ් ගන්න අය ගූගල් එකෙ සර්ච් කරලා YTS එකෙන් ඩවුන්ලොඩ් කරගන්න
ela machooo
තෑන්ක්ස් සබ් එකට සහෝ.. ❤:right_facing_fist::left_facing_fist:
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් Cannibal Ferox 1981 චිත්‍රපටයටත් සබ් දෙන්න.
Thanks jayawewa….!
thanks machan
thanks sub ekta.suba petum
supiri
Thank for sub
ආදරෙයි බ්‍රෝ ❤️ තව තවත් සබ් කරන්න ලැබේවා 🙏