කොහොමද යාළුවනේ ඔයාලට. ඔන්න මං අද ආවේ මගෙ 10 වෙනි උපසිරයත් අරගෙන. Marvels Inhumans ටීවී සීරිස් එක එනකම් මන් ඇගිලි ගැන ගැන තමයි හිටියේ. කොහොම හරි පළවෙනි එපිය ගිය මාසෙ 30 වෙනිද විකාශය වුනා. 02 වෙනිද තමයි ඉංග්‍රීසි සබ් එක නෙට් එකට දාල තිබුනේ. දවස් තුනක් ඇතුලත සබ් එක කරල මට ඔයාලට දෙන්න පුළුවන් උනා.
විශේෂයෙන් ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ, සමීරලගෙ සහෝදරකම නිසා තමයි ඉක්මනින්, මං මේ ටීවී සිරියස් එකත් කරන්න පටන් ගත්තේ. පීචර් සීරියස් එක කරන ගමන් තමයි Marvels Inhumans කරන්නේත්. හිතන්න එපා පීචර් සබ් එක කරන එක නතරකරා කියලා.
අපි කතාමාලාවට පාදක වෙච්ච දේ ගැන කතා කරමු,
“ඉන්හියුමන්වරු” කියන්නෙ මිනිස් වර්ගයාගේ ජාන වෙනස් වූ සුපිරි මිනිස් කොට්ඨාසයකි. මීට වසර මිලියන ගණනකට පෙර ඔවුහු යුද්ධය ආරම්භ වීමට කලින් නිර්මාණය කර පිරිසක්ය. ජානමය අත්හදාබැලීම්වල ප්රතිඵලයක් විදිහට ඉපැරණි විදේශීය ජාතියක් විය. මොවුන් යුරෙනස් ග්රහලෝකයෙ ජීවත් වෙන්නේ. යෞවන ඉන්හූමන්වරු (Terrigenesis නමින් හැඳින්වෙන ක්රියාවලියකින්) අධිමානුෂික හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කර ගත හැකිය. සෑම පුද්ගලයෙක්ම තමන්ගේම අද්විතීය හැකියාවන් වර්ධනය කර ගත යුතුය. තව ඒවා පාලනය කිරීමටත් ඉගෙනගත යුතුය. ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ සමාජ ඉතිහාසය පුරාම වෙනස් වී ඇත. ඔවුන්ගේ රාජකීය පවුල් ඉතිහාසය හා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය පවුල කැපවී සිටියි.
කතාංගයෙ ප්රධාන චරිත ගැන කතා කරොත්,
1. බ්ලැක් බොල්ට් (රජු)
බැලැක් බොල්ට් තමයි අරාජකීය පවුලෙහි ප්රධානියා. ඔහුට බලවත් හඬක් තියෙන අතර ඒ නිසා ඔහුගේ සාමාන්ය කතාවට එය බාධාවක් වී ඇත., ඔහුගේ කටහඩට ග්‍රහලෝකයක් මුළු මනින්ම විනාශ කර හැකිය. මෙ කට හඩේ බලය ඔයාලට ටීවී සීරියස් එකෙදී බලා ගන්න පුළුවන් වේවි.
2. මෙඩුසා (රැජින)
මෙඩුසා යෞවනකාලෙ ඉදන් බැලැක් බෝල්ට් දැනගෙන ඉදල තියෙනවා. ඔවුන් ඒ කාලෙ ඉදන්ම එකිනෙකා අතර ආදරයෙන් බැදිල ඉදල තියෙනවා. මැෙඩූසාගේ සුපිරි බලය තියෙන්නෙ ඇගෙ රතු කොන්ඩෙ, ඇය සටන් කරන්න රතු කොණ්ඩෙ භාවිතා කරනවා.
3. කර්නක් (බ්ලැක් බොල්ට්ගෙ උපදේශකයා)
කර්නක් දාර්ශනික පූජකයකු වන අතර, ඕනෑම පුද්ගලයෙකුගේ, දුර්වලකම සොයා ගැනීමට හැකියාව තියෙනවා. සටන් කලාවන් ගැන ඔහුගේ අසාමාන්‍ය කුසලතාවක් තියෙන අතර ඔහුගේ දුර්වලතාවයන් පිළිබඳව,ඔහුට කරුණු හඳුනා ගැනීමට ඇති හැකියාව මත, ඔහුගේ දුර්වලතා සිදුවිම බෙහෙවින් අඩුය.
4. ගෝගර්න් (බ්ලැක් බෝල්ට්ගෙ සහෝදරයා)
ඔහුගේ කකුල්වල ගොනුන්ගේ කූරු වර්ධනය වෙන අතර. බලවත් භූ කම්පන තරංග බිහිකිරීමට හා භූමිකම්පන ඇතිකරන්න , ඔහුගේ කකුල්වල බලය යොදා ගත හැකිය .
කතාව IMDb අගය 5.3ක් මේවෙන කොට ලබා ගෙන ඇති අතර ඇක්ෂන්, ඇඩ්වෙන්චර්ස් වර්ගීකරණයට තමයි යටත් වෙන්නේ. පට්ටම සුපිරි ටීවී සීරියස් එකක්. ඉලග කොටසත් ඉක්මනට දෙන්නම්. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි.!
-මීළග කොටසින් හමුවෙමු-
Spoiler Warning : The royal family — stranded in Hawaii after a military coup — faces internal strife, which they must overcome in order to return home before their way of life is destroyed forever…

Year :
2017
Genre :
Action, Adventure, Sci-Fi
Actors :
Sonya Balmores, Isabelle Cornish, Eme Ikwuakor, Ken Leung
Writer :
Scott Buck
Director : N/A
Plot : An Isolated Community Of Superhumans Fight To Protect Themselves.

සිංහල උපසිරැස Download කරගන්න 2265 times
නියමයි සහෝ.
සුපිරි වැඩක්. මාවල් එකක්නම් අනිවාර්යයෙන්ම බලනවා.
තෑන්ක්ස් සබ් එකට.
Patta sahoo supiri wadak…
Sub ekta thanks sahoo…??
නිවැරදි කිරීමක්..
බ්ලැක් බෝල්ට්ගෙ සහෝදරයා Maximus.ගෝගර්න් කියන්නේ රාජකීය හමුදාවේ ප්‍රධානියා
සබට තෑන්ක්ස්
ඒක ඇත්ත????
හම්මෝ ලිපියනම් එලකිරි???
උපසිරැසියටතුති සහෝ?
ඔබට ජය??
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
ඔබගේ අදහසට ස්තුතියි,අපි උත්සාහ කරල බලන්නම්
Super bandekata neh sinhala sub eka karala tinnne elama sahoo
thawath marvel kenek…..dan nam kavisha ta godak ridewi……/ thank bro sub ekata @pathum
අනිව බං,තැන්ක්ස්
හොදයි බොහොස්තුතියිදිගටදෙන්න බලනවා ..
සබ් එකට තෑන්ක්ස් සහෝ
තවත් මේ වගේ කතාවලට සබ් දාගෙන යන්න