අද උපරැසියට මම තෝරගත්තෙ 2013 ජුනි 21 වනදා ප්‍රදර්ශණය ආරම්භ උන World War Z කියන චිත්‍රපටය. Action , Drama , Horror , Sci-Fi කියන හැම ගණයටම අයත් වෙලා තියෙන මේ චිත්‍රපටයක්. ඉතින් දැනට මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7/10 ක අගයක් වගේම,Rotten Tomatoes දර්ශකයේ 66% ක අගයක් ලබාගෙන තියනව.
ඉතින් අපි කතාව පැතට හැරුනොත්,
ඉතින් අපි හැමෝම කැමති වගේ කැමති සොම්බි චිත්‍රපටයක් තමයි මේ..ඉතිං මේකෙ ඉන්න සොම්බි ශබ්දයට බොහොම සංවේදී වගේම , මොවුන්ගෙන් දුවල බේරෙන්න නම් ලැබෙන්නෙ නෑ...ඒ වගේම මොවුන්ගෙ එක් සපාකෑමකින්ම සොම්බි වෙලා තමයි නවතින්නෙ..මොවුන්ව නවත්වන්න නම් පුච්චල දාන්න ඕනෙ එහෙම නැත්තං වෙඩි තියන්නඕනෙ... ඉතිං අපේ කතා නායකය හමුදාව එක්ක බොහොම සමීපව වැඩ කරපු කෙනෙක්.ඔහුගේ විවාහයෙන් පස්සෙ ඔහු රැකියාවෙන් ඉවත්වෙලා ඉන්නෙ...මේ අතරවාරෙ ඔහු වාහන තදබදේක ඉන්න අතරතුර තමයි මුල්ම සොම්බි ප්‍රහාරයට මුහුණ දෙන්න වෙන්නෙ.ඉතින් ඕකෙන් පස්සෙ විවිධ කරදර රාශියකට මොවුන්ට මුහුණ දෙන්න වෙනව වගේම අවසානයේ මොවුන් සොම්බින්ගෙන් බේරිලා ගොඩනැගිල්ලක ඉහල මහලට යාගන්න සමත් වෙනව. ඉතින් ඔහු හමුදාවෙ ඉන්න ඔහුගේ මිතුරු නිලධාරියෙක් හරහ ඔහුට හෙලිකොප්ටරයක් ගෙනවගෙන මෙතනින් පැනගන්න සමත් වෙනව...
ඊත් ඊටපස්සෙ ඔවුන් කොහෙටද යන්නෙ?මොනවද කරන්නෙ?කොහොමද මේ සොම්බින්ගෙන් බේරෙන්නෙ?ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් ඔයාලට කතාව බලන්න ම වෙනව...ඉතිං අදට සමුගන්නව තවත් උපරැසියකින් මුණගැහෙමු..





Android 12Chrome 105
තෑන්ක්ස් සබ් එකට
Android 10Chrome 114
Thank you for subtitle