The Brave (2017) [S01 : E13] Sinhala Subtitle
මේ පාර කතාව පටන් ගන්නෙම මාර හදිසියකින්. අර කලින් කොටස්වල අපිට වද දීපු හොෆ්මන් කියන නපුරු මනුස්සයා මතකයිනේ? අන්න ඌව අල්ලගන්න කැප්ටන් ඩෝල්ටන් ඇතුළු කණ්ඩායම මෙහෙයුමක් පටන් ගන්නවා. හැබැයි මේකේ යටින් ලොකු කුමන්ත්‍රණයක් යනවා.
ඇමරිකන් නාවික හමුදාවේ “USS Wyoming” කියන සබ්මැරීනය ලොකු අනතුරක වැටෙනවා. ඒකේ පාලනය කවුරු හරි හොරෙන් අරන්, ඒක චීන මුහුදු සීමාවට දක්කනවා. මේක පිටිපස්සේ ඉන්නේ වික්ටර් කියන එකා. මූට ඕනේ සබ්මැරීනය චීන්නුන්ට පාවලා දීලා ලොකු ගේමක් ගහන්න.
වෙරීනා කියන කෙල්ල: මේ වැඩේට කෝඩ් එක ලියලා තියෙන්නේ අවුරුදු 16ක කෙල්ලෙක්—වෙරීනා. හැබැයි ඒකි මේක කළේ කැමැත්තෙන් නෙවෙයි, වික්ටර් ඒකිව බය කරලා හිර කරගෙන ඉන්නේ. කෙල්ලත් සුපිරි කෝඩර් කෙනෙක්.
ඩෝල්ටන්ගේ ටීම් එක හොයාගන්නවා වික්ටර් මේ කෙල්ලව හංගගෙන ඉන්නේ පරණ යකඩ බඩු ගොඩක් (Junkyard) අස්සේ තියෙන බලකොටුවක කියලා. උන් රෑ වෙලා හොරෙන්ම එතනට කඩා පනිනවා. මාරම වෙඩි තැබීමක් යන්නේ. මැක්ජීයි අමීර්යි පට්ටම ගේමක් දෙනවා උන්ගේ ආරක්ෂකයෝ ඉවර කරන්න.
මෙතනදී තමයි කතාව අවුල් වෙන්නේ. වික්ටර්ව අල්ලන්න යනකොට, ප්‍රීච්ට (Preach) වෙඩි වදිනවා. ඌ මාරම අමාරු තත්වයක වැටෙනවා. කොහොම හරි අන්තිමට වෙරීනාව බේරගන්නවා, හැබැයි වික්ටර් මැෂින් ටික කුඩු කරලා දානවා සබ්මැරීනය ආපහු ගන්න බැරි වෙන්න.
වෙරීනා කෙල්ල කියනවා මේක ආපහු හරවන්න නම් අමුතුම විදිහක ගේමක් ගහන්න ඕනේ කියලා. නැවියෝ බලන චිත්‍රපට පද්ධතිය (Entertainment network) හරහා වයිරස් එකක් යවලා සබ්මැරීනයේ පාලනය ආපහු ගන්නවා. අන්තිම තත්පරේ තමයි සබ්මැරීනය චීන සීමාවට යන්න කලින් බේරගන්නේ.
ඩෝල්ටන් අර පරණ හතුරෙක් වුණු ඇඩම් හෝෆ්මන් එක්ක තනි වෙනවා. හෝෆ්මන් හිතාගෙන ඉන්නේ ඌ දැන් බේරුණා කියලා. හැබැයි ඩෝල්ටන් කියනවා මේක තමයි උඹේ අන්තිම දවස කියලා. ඩෝල්ටන් කරන්නේ පොඩි මැජික් එකක්—බෝම්බයක් තියෙන ෆෝන් එකක් අන්ලොක් කරන්න දීලා හෝෆ්මන්ව එතනම කුඩු වෙන්න අරිනවා.
වෙරීනා බේරුණා, සබ්මැරීනයත් බේරුණා. හැබැයි ප්‍රීච් ඉන්නේ කෝමා එකක ඉස්පිරිතාලේ. ඒ වගේම ඩෝල්ටන් නීතියට පිටින් හෝෆ්මන්ව ඉවර කරලා තියෙන්නේ. ඒක ඉස්සරහට මොන වගේ බලපෑමක් කරයිද කියලා තමයි ඊළඟට බලන්න තියෙන්නේ.