Medici (2016) [S01 : E05] Sinhala Subtitle

September 04, 2019 New Subtitler
Subtitle by Nimesh Peter

කලින් එපියේ අපි දැක්කා මෙඩිචිලා වැනීසියට පිටුවහල් වෙච්ච හැටි. මෙඩිචිලා ධන කුවේරයෝ නිසා වැනීසියේ සැප සම්පත් ෆ්ලෝරන්ස්වල වගේම ලැබෙනවා. ඒත් ගෙදර වගේ වෙන තැනක් කොහෙවත් නෑ කියලා කතාවක් තියෙනවා නේ. ඒ නිසා මෙඩිචිලා උපරිම උත්සාහය ගන්නවා ෆ්ලෝරන්ස්වලට ආයේ යන්න.

ඒත් වැනීසියේ මිනිස්සු කැමති නෑ මෙඩිචිලාව යවන්න. මොකද එයාලා කැමති මෙඩිචිලා වැනීසියේ ජීවත් වෙනවා දකින්න. වැනීසියේ ලොකු ලොකු ගොඩනැගිලිවලට මෙඩිචිලා වියදම් කරනවා දකින්න. මේ නිසා වැනීසියානුවන් මෙඩිචිලාට ආයේ යන්න උදව් කරනවා වගේ රඟපානවා. මෙඩිචිලත් ඒක නොදන්නවා නෙමෙයි.

මේ අතර මෙඩිචිගේ ඥාති සහෝදරයා වෙන මාරියෝ ඩි මෙඩිචි හරහා මිලාන්වල විස්කොන්ටි කුමාරයා යෝජනාවක් කරනවා. ඒ ෆ්ලෝරන්ස් ආක්‍රමණය කරලා මෙඩිචිලා ඒකේ පාලකයෝ කරන්න. ඒත් කොසිමෝ මේකට එච්චර කැමැත්තක් දක්වන්නෑ. ඒත් ලොරෙන්සෝ ඒකට කැමතියි. ඒත් ප්‍රශ්නය වෙන්නේ, මිලාන් සහ වැනීසිය කියන්නේ හතුරෝ. ඉතින් වැනීසියට හොරෙන් මිලාන් එක්ක පණිවිඩ හුවමාරු කරනවා කියන්නේ බෙල්ල ගහලා යන වැඩක්.

මේ අතර කොසිමෝ අලුත් ආදරයක් හොයාගන්නවා වගේම කොන්ටසීනාත් තමන්ගේ පරණ ආදරය ලං කරගන්නවා. ඉතින් මේ ආදර පලහිලව්ව මෙඩිචිලාට ෆ්ලෝරන්ස්වලට ආයේ එන්න පොටක් පාදනවා.

ඉතින් මේ එපියේ මොනවද වෙන්නේ කියලා බලමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimesh Peter
0 Movies
8 TV Series
8 Total
Discussion (6)
  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..

  • සචී Unregistered
    Android 8.1 Chrome 70

    උපසිරැසි වලට ස්තූතියි

  • Vihanga Sathsara User
    Windows 10 Chrome 76

    thankss machan digatama demu

  • Kanishka Chathuranga User
    Windows 10 Opera 63

    thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search