දැක්කද ෆ්ලෝරන්ස්වලට ආපු පාප්වහන්සේ තමන්ගේ නොවන නගරයක දේශපාලනය හසුරවපු හැටි. මරණය උරුම වෙච්ච කෙනෙක්ගේ ජීවිතය බේරපු හැටි. ඒත් ඇල්බිට්සිලා ගිහින්. පාප්වහන්සේ මෙඩිචිලා ගැන සැක කරන්නත් පටන් අරන්.
සිංඤෝරියාවේ ඇල්බිට්සිගේ ආසනයට අලුත් කෙනෙක් පත් කරන්න ඕනේ. මේ වෙද්දී මෙඩිචිලාට අලුත් හතුරෙක් නිර්මාණය වෙලා ඉවරයි. ඒ තමයි පැට්සි වංශය. පැට්සිලගේ මීමුත්තා වෙන පැට්සිනෝ ඩි පැට්සි තමයි ජෙරුසලම මුසල්මානුවන්ගෙන් මුදාගත්ත සටනේ ඉස්සරහින්ම හිටියේ. ඉතින් පේනවනේ පැට්සිලා ඇල්බිට්සිලාට වඩා හපන් වංශයක් කියලා.
ඉතින් ඇල්බිට්සිගේ තනතුරට අලුත් කෙනෙක් පත් කරගන්න ඕනේ. ඒකට ඉතින් පුරුදු පරිදි මෙඩිචිලා තරඟ කරනවා. ඒත් ඒකට මෙඩිචිලා යොදාගන්නේ පොදු අපේක්ෂකයෙක්ව. ලංකාවේ වෙනවා වගේ. අනිත් පැත්තේ ඇන්ඩ්‍රියා පැට්සි ඉල්ලන්නේ. ඒක මෙඩිචිලා දිනනවා.
මේ අතර මාර්කෝ බෙල්ලෝ ජියොවානි ඩි මෙඩිචිව මරපු කෙනා ගැන කොසිමෝට හෙළි කරනවා. එයත් මෙඩිචි කෙනෙක්.
අන්තිමේදී මේවයේ අපි හිතන දේ නෙමෙයි වෙන්නේ.
මෙඩිචිගේ පොදු අපේක්ෂකයා කවුද? එයාට මොකද වෙන්නේ? ජියොවානීගේ මිනිමරුවා කවුද? පාප්වහන්සේ මෙඩිචිලා ගැන ගන්න තීරණය මොකක් වෙයිද?
sub ekata thanks saho..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks for sub
උපසිරැසි වලට ස්තූතියි