කලින් එපියේ අන්තිමට කොසිමෝ, ඇල්බිට්සිගේ ගැටේට අහුවුණා ඔයාලා දැක්කා. අද එපියේ තියෙන්නේ කොසිමෝට විරුද්ධව නඩුව යන විදියයි. දෙපැත්තෙන්ම තමන්ගේ ගොඩ වැඩි කරගන්න පුදුම කට්ටක් කනවා. හරියට ලංකාවේ පාර්ලිමේන්තුව වගේ. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පාර්ලිමේන්තුව ඇතුළේ මරාගත්තා වගේ සීන් එකක් මේකෙත් වෙනවා.
කොසිමෝට විරුද්ධව ඇල්බිට්සි ඉදිරිපත් කරන චෝදනා බොරු. ඒත් ඒවා බොරු කියලා ඔප්පු කරගන්න මෙඩිචිලාට බැරි වෙනවා වගේම ඇල්බිට්සි දාන තර්ක නිසා කොසිමෝ තව වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙනවා. මේ නිසා කොසිමෝට මරණ දඬුවම නියම වෙනවා.
නඩුව යන අතරේ ලොරෙන්සෝ මිලාන්වල ස්ෆෝර්සාගේ හමුදාව එක්ක ෆ්ලෝරන්ස් ආක්‍රමණය කරන්න ලෑස්ති වෙනවා.
ඒවගේම ඇල්බිට්සි මෙඩිචි නයි පොළොන් වෛරය ඇති වුණ හැටි මේ එපියෙන් අපිට බලාගන්න පුළුවන්.
උපසිරැසි වලට ස්තූතියි
සබ් එකට තෑන්ක්ස් සහෝ.ඉතුරු ටිකත් ඉක්මණට දෙමු.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks for sub
thanks for sub..