Medici (2016) [S01 : E01] Sinhala Subtitle
Davinci’s Demons series එක බලපු අයට මේ නම ඇහිලා ඇති. ඉස්කෝලේ ඉතිහාසය පොතේ පුනරුද යුගය ගැන කතා කරද්දී ඉතාලියේ ෆ්ලෝරන්ස්වල මෙඩිචි පවුල ගැන ඇහිලා ඇති.
මෙඩිචි පවුල කියන්නේ ඉතාලියේ වැඩවසම් යුගය අවසන් වනවාත් සමඟ බිංදුවේ ඉඳලා ඉහළටම ආපු පරම්පරාවක්. වංශයක් කියලා කිව්වොත් නිවැරදියි. රෙදිමෝලක කම්කරුවෝ වෙලා හිටපු මෙඩිචිලා වඳ වෙද්දී කතෝලික සභාවේ සාන්තුවරු, පාප්වහන්සේලා, රජවරු, රැජිණියෝ, දේශපාලකයෝ, පූජකයෝ, ධනපතියෝ බිහි කරපු පරම්පරාවක් වෙලා ඉවරයි. කතෝලික සභාවේ අධර්මිෂ්ඨම පාප්වහන්සේලා 5න් 4ක්ම මෙඩිචිලා හෝ එයාලගේ උදව්වෙන් ආපු අය. ඒකෙන්ම මෙඩිචිලාගේ ගණන්කාරකම පේනවා නේ?අදටත් ඉතාලියේ මෙඩිචිලා නැති වුණත් එයාලගෙන් පැවත එන ජනගහණය මිලියන 2කටත් වැඩියි.
මේකේ රඟපාන්නේ Game of Thrones එකේ Young wolf, King In The North වුණ රොබ් ස්ටාර්ක්ට රඟපාපු Richard Madden, Stuart Martin,Dustin Hoffman,Guido Caprino සහ Lex Sharpnel කියන චරිතාංග නළු නිළියොයි.
පළවෙනි එපිය පටන් ගන්නේ මෙඩිචි පවුලේ ආරම්භකයා ජියොවානි ඩි මෙඩිචිගේ මරණයෙන්. හැමෝම හිතන්නේ ඒක ස්වභාවික මරණයක් කියලා. ඒත් ජියොවානිගේ පුතා, කොසිමෝට ආරංචියක් ලැබෙනවා තාත්තාට වස දීලා මරලා තියෙන්නේ කියලා. ඊටපස්සේ කොසිමෝ සහ එයාගේ සහෝදරයා ලොරෙන්සෝ මේ මිනීමරුවා හොයන විදියයි මේ කතාවේ ගලායන්නේ. ඒ අතර අතීත ආවර්ජනයක් යනවා මෙඩිචිලා පාප්වහන්සේ කෙනෙක් පත් කරගන්න දඟලන හැටි. ඒවගේම මෙඩිචිලාගේ ප්‍රධාන හතුරෝ වෙන ඇල්බිට්සිලා ඒක අමාරු කරවන හැටිත් තියෙනවා.
ඉතින් මෙඩිචිලා පාප්වහන්සේ පත් කර ගනීද? ජියොවානි ද මෙඩිචිගේ මිනී මරුවා අහුවෙයිද? ඇල්බිට්සිලාගේ අභියෝගවලට මෙඩිචිලා මොනවද කරන්නේ? කියන ප්‍රශ්නවලට උත්තර මේකෙන් ලැබෙයි.
IMDb මීටරේ 7.8ක් අල්ලපු කතාවක් මේක. මේකේ සමහර ඉතාලි වචන මම වරහන් කරලා සිංහල තේරුම දාලා තියෙන්නේ. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි පොඩ්ඩක් ඇති. ඒකට සමාවෙන්න. එහෙනම් කතාව බලමු.
පලවෙනි sub එකට සුබ පැතුම් සහෝදරයා.දිගටම අපිත් එක්ක රැඳී ඉඳලා මේ වගේ sub ලබා දෙන්න.
Thanks Bro💗
anith epi wla sub aka ikmnta denda
Thanx sahooo
බොහොම ස්තූතියි
පළවෙනි උපසිරැසියට සුභ පැතුම්! දිගටම මේ වගේ නිර්මාණ කරන්න.සබ් එකට තෑන්ක්ස් සහෝ.ඉතුරු ටිකත් ඉකමනට දෙමු.
Thanks bro 💗
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
Thanks Bro 💗
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
Thanks Bro 💗
පළමු උපසිරසට සුභ පැතුම් සහෝ.
උපසිරසට තැන්ක්ස් සහෝ
නියමයි සහෝ
Good luck……….. !
Thanks Bro 💗
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks Bro 💗
Thanks machan……jayawewa…..!
Thanks Bro 💗
thanks for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්….
බොහෝම ස්තුතුයි සබ් එකට. එත් මෙකේ විඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ගියාම මහ කරදරයක්. pop up window 10කට වඩා open වෙනවා. මේකට විසඩුමක් දෙනවනම් හොදයි
Aiye sub walata thanks..meke season 02 ekai season 03ith dennako