The Art of Racing in the Rain (2019) Sinhala Subtitle
හායි හැමෝටම. මේක මගේ පලවෙනි සබ් එක. ඉතිං ගොඩක් වැරදි තියෙයි. මුලින්ම කියන්න ඕන මට මේ උපසිරැසි කලාව ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නම් නෙමෙයි. අනික මම විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබන ගමන් ඉන්නේ. මම ඉතිං අනිත් හැමෝම වගේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා සයිට් වලින් සබ් අරං ගිහිං බලන එක තමා කරන්නේ. ඒත් ලගදි කැමැත්තක් ඇති උනා සබ් එකක් කරලා බලන්න. ඉතිං ඊට පස්සේ මම මේ සයිට් එක මේල් එකක් දාලා බැලුවා. ඉතිං මාර ඉක්මනට ඇඩ්මින්ලා රිප්ලයි කරලා තිබ්බා මේල් එකට, මට අවශ්‍ය උත්තරත් සමගම. විශේෂයෙන් ස්තුති කරන්න ඕන ඇඩ්මින් මණ්ඩලයටම. මොකද මේකේ ගොඩක් වැරදි තැන් එයාලා කියලා දුන්නා. ඉතිං ඇඩ්මින්ලා ඔක්කොටම ස්තුතියි කියනවා මේ අවස්ථාවේ.
ඔන්න ඉතිං අපහු කියනවා වැරදි තිබ්බොත් සමාවෙන්න. මම ඉතින් මගේ පලවෙනි උපසිරැසිය විදිහට තෝරාගත්තේ The Art of Racing in the Rain (2019) ෆිල්ම් එක. මොකද මේක බව්වෙක් ගැන තියෙන ෆිල්ම් එකක්. මං ගොඩක් බව්වොන්ට ආසයි. අපේ ගෙදර නම් සූටි බව්වෝ පැටව් තුන් දෙනෙක්ම ඉන්නවා. හරිම සූටි අනේ එයාලා. හරි හුරතල්. දැක්කම ආදරේ හිතෙනවා. ❤
The Art of Racing in the Rain (2019)
මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ August 8, 2019 දින, Brazil වලදී. IMDB අගය 7.4ක් වෙනවා වගේම Rotten Tomatoes අගය 43% ක් වෙනවා. ඒ වගේම Box office අදායම මිලියන තුස් තුනක් පමණ වෙනවා. කතාව ගැන කියුවොත්, ඩෙනි කියන්නේ රියදුරෙක්. රේස් පදින එක තමා එයාගේ රැකියාව වෙන්නේ. ඕන මනුස්සයෙක්ට තියෙනවනේ එක එක ආශාවන්. ඉතින් මේ ඩෙනිට ආසාවක් ඇති වෙනවා එයා දකින පොඩි බව් පැටියෙක්ට. ඉතිං ඩෙනි මේ බල්ලව ගෙදර අරගෙන යනවා. කාලයත් එක්කම මේ දෙන්නා හොදම යාලුවෝ වෙනවා. ඩෙනිටත් බල්ලා නැතුව ඉන්නම බෑ වගේ. ඔහොම කාලයත් එක්කම ඉතිං ඩෙනිට කෙල්ලෙක් හම්බෙනවා. එතනින් පස්සේ නම් පොඩ්ඩක් කතාව වෙනස් පැත්තට හැරෙනවා. ඩෙනි ඉතිං ඒ ගෑනු ළමයා එක්ක විවාහ වෙනවා. මේ තුන්දෙනාම මාර ආදරෙන් ඉන්නවා. ඔහොම කාලයත් එක්කම මේ දෙන්නට පුංචි ළමයෙක් හම්බෙනවා. එතනින් එහාට ඉතින් වෙන්නේ එච්චර හොද දේවල් නම් නෙමේ. මාර විදිහට දුක හිතෙන, හැබැයි අවසානේ ගැන සතුටු හිතෙන විදිහට තමා ඉතුරු දේවල් වෙන්නේ. එහෙනම් ෆිල්ම් එක බලන්න ඔයාලට බාරයි. දිගටම උපසිරැසි කලාවේ නියැලෙන්න අදහසක් තියෙනවා. අනිවාර්යෙන්ම මගේ වැරදි ගැන කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන වගේම මගේ උපසිරැසිය ගැන ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් මම අදට සමුගන්නවා. ❤
Denny Swift is a Formula One race car driver who understands that the techniques needed on the racetrack can also be used to successfully navigate everyday life. Besides his career, Denny has three loves of his life — his beautiful wife, their young daughter and his best friend, which is a dog that wants to be reincarnated into a human.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks ……good luck ..
Falling inn love 2019
Five feet apart 2019
What men want 2019
Can you keep a secret 2019
Isn’t it romantic 2019
The last summer 2019
After the strom 2019
Me film valatath sinhala sub denna ……………………………….
උපසිරැසියට බොහොම ස්තුතියි!
පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්!දිගටම SubzLK සමඟ රැදෙමින් උපසිරැසිකරණයේ දිගු ගමනක් යෑමට ශක්තිය දෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!
පළමු වෙනි උපසිරැසියට සුබ පැතුම් !
සබ් එකට ස්තූතියි.
පලවෙනි උපසිරසියට සුබ පතනවා සහෝදරිය.ඒ වගේම කියන්න ඕනේ අපේ කණ්ඩායමේ දෙවෙනි සාමාජිකාව වන ඔයාව සාදරයෙන් අපේ කණ්ඩායමට පිලිගන්නවා, ඉතින් දිගමට අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ විදිහට නිර්මාණ කරන්න කියලා කියනවා.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පතනවා වැඩේ දිගටම කරන් යං 😊
බ්‍රෝ මේකෙ BR තියෙනවා නේද පුළුවන් නම් BRවලටම සබ් එක update කරනවද 😊
දැන් දැක්කෙ සහෝදරයෙක් නෙවේ සහෝදරියක්නෙ 😊
බොහොම ස්තූතියි සබ් එකට
Super thawa hodata karanna shaktiya dahirya labewa