Trending

The Art of Racing in the Rain (2019) Sinhala Subtitle

හායි හැමෝටම. මේක මගේ පලවෙනි සබ් එක. ඉතිං‍ ගොඩක් වැරදි තියෙයි. මුලින්ම කියන්න ඕන මට මේ උපසිරැසි කලාව ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නම් නෙමෙයි. අනික මම විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබන ගමන් ඉන්නේ. මම ඉතිං අනිත් හැමෝම වගේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා සයිට් වලින් සබ් අරං ගිහිං බලන එක තමා කරන්නේ. ඒත් ලගදි කැමැත්තක් ඇති උනා සබ් එකක් කරලා බලන්න. ඉතිං ඊට පස්සේ මම මේ සයිට් එක මේල් එකක් දාලා බැලුවා. ඉතිං‍ මාර ඉක්මනට ඇඩ්මින්ලා රිප්ලයි කරලා තිබ්බා මේල් එකට, මට අවශ්‍ය උත්තරත් සමගම. විශේෂයෙන් ස්තුති කරන්න ඕන ඇඩ්මින් මණ්ඩලයටම. මොකද මේකේ ගොඩක් වැරදි තැන් එයාලා කියලා දුන්නා. ඉතිං‍ ඇඩ්මින්ලා ඔක්කොටම ස්තුතියි කියනවා මේ අවස්ථාවේ.

ඔන්න ඉතිං අපහු කියනවා වැරදි තිබ්බොත් සමාවෙන්න. මම ඉතින් මගේ පලවෙනි උපසිරැසිය විදිහට තෝරාගත්තේ The Art of Racing in the Rain (2019) ෆිල්ම් එක. මොකද මේක බව්වෙක් ගැන තියෙන ෆිල්ම් එකක්. මං ගොඩක් බව්වොන්ට ආසයි. අපේ ගෙදර නම් සූටි බව්වෝ පැටව් තුන් දෙනෙක්ම ඉන්නවා. හරිම සූටි අනේ එයාලා. හරි හුරතල්. දැක්කම ආදරේ හිතෙනවා. ❤

The Art of Racing in the Rain (2019)

මේ ෆිල්ම් එක නිකුත් වෙන්නේ August 8, 2019 දින, Brazil වලදී. IMDB අගය 7.4ක් වෙනවා වගේම Rotten Tomatoes අගය 43% ක් වෙනවා. ඒ වගේම Box office අදායම මිලියන තුස් තුනක් පමණ වෙනවා. කතාව ගැන කියුවොත්, ඩෙනි කියන්නේ රියදුරෙක්. රේස් පදින එක තමා එයාගේ රැකියාව වෙන්නේ. ඕන මනුස්සයෙක්ට තියෙනවනේ එක එක ආශාවන්. ඉතින් මේ ඩෙනිට ආසාවක් ඇති වෙනවා එයා දකින පොඩි බව් පැටියෙක්ට. ඉතිං ඩෙනි මේ බල්ලව ගෙදර අරගෙන යනවා. කාලයත් එක්කම මේ දෙන්නා හොදම යාලුවෝ වෙනවා. ඩෙනිටත් බල්ලා නැතුව ඉන්නම බෑ වගේ. ඔහොම කාලයත් එක්කම ඉතිං ඩෙනිට කෙල්ලෙක් හම්බෙනවා. එතනින් පස්සේ නම් පොඩ්ඩක් කතාව වෙනස් පැත්තට හැරෙනවා. ඩෙනි ඉතිං ඒ ගෑනු ළමයා එක්ක විවාහ වෙනවා. මේ තුන්දෙනාම මාර ආදරෙන් ඉන්නවා. ඔහොම කාලයත් එක්කම මේ දෙන්නට පුංචි ළමයෙක් හම්බෙනවා. එතනින් එහාට ඉතින් වෙන්නේ එච්චර හොද දේවල් නම් නෙමේ. මාර විදිහට දුක හිතෙන, හැබැයි අවසානේ ගැන සතුටු හිතෙන විදිහට තමා ඉතුරු දේවල් වෙන්නේ. එහෙනම් ෆිල්ම් එක බලන්න ඔයාලට බාරයි. දිගටම උපසිරැසි කලාවේ නියැලෙන්න අදහසක් තියෙනවා. අනිවාර්යෙන්ම මගේ වැරදි ගැන කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන වගේම මගේ උපසිරැසිය ගැන ඔයාලගේ අදහස් දක්වන්න. එහෙනම් මම අදට සමුගන්නවා. ❤

Denny Swift is a Formula One race car driver who understands that the techniques needed on the racetrack can also be used to successfully navigate everyday life. Besides his career, Denny has three loves of his life — his beautiful wife, their young daughter and his best friend, which is a dog that wants to be reincarnated into a human.

Hashini Dilrukshi
Hashini Dilrukshi Translator
2 Movies
0 TV Series
2 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 966.53 MB x264
▲27 · ▼5
Magnet GET
1080p bluray 1.7 GB x264
▲71 · ▼8
Magnet GET
Discussion (11)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 77

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    • ashan lankanath Unregistered
      Android 5.1 Samsung Browser 3.5

      Thanks ……good luck ..
      Falling inn love 2019
      Five feet apart 2019
      What men want 2019
      Can you keep a secret 2019
      Isn’t it romantic 2019
      The last summer 2019
      After the strom 2019
      Me film valatath sinhala sub denna ……………………………….

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 77

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  • Thamod Godakanda Expert Subtitler
    Windows 7 Firefox 70

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්!දිගටම SubzLK සමඟ රැදෙමින් උපසිරැසිකරණයේ දිගු ගමනක් යෑමට ශක්තිය දෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!

  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 68

    පළමු වෙනි උපසිරැසියට සුබ පැතුම් !

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      සබ් එකට ස්තූතියි.

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 77

    පලවෙනි උපසිරසියට සුබ පතනවා සහෝදරිය.ඒ වගේම කියන්න ඕනේ අපේ කණ්ඩායමේ දෙවෙනි සාමාජිකාව වන ඔයාව සාදරයෙන් අපේ කණ්ඩායමට පිලිගන්නවා, ඉතින් දිගමට අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ විදිහට නිර්මාණ කරන්න කියලා කියනවා.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පතනවා වැඩේ දිගටම කරන් යං 😊
    බ්‍රෝ මේකෙ BR තියෙනවා නේද පුළුවන් නම් BRවලටම සබ් එක update කරනවද 😊

    • Hashan M. Priyadarshana Unregistered
      Android 4.2 Android Browser 4

      දැන් දැක්කෙ සහෝදරයෙක් නෙවේ සහෝදරියක්නෙ 😊

  • Madusha Unregistered
    Windows 10 Opera 63

    බොහොම ස්තූතියි සබ් එකට

  • Lahiru Chandimal Unregistered
    Android 6 Chrome 68

    Super thawa hodata karanna shaktiya dahirya labewa

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search