The Magicians [S02 : E03] Sinhala Subtitle
The Magicians රසිකයෝ බොහොම නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තෙ දෙවෙනි සීසන් එකේ තුන්වෙනි කොටස එනකම්.ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ දෙවෙනි සීසන් එකේ තුන්වෙනි කොටස.අද කොටස නම් වෙන්නේ දේව අපද්‍රව්‍ය (Divine Elimination) කියල.විකාශය වූ දිනය විදියට සටහන් වෙන්නේ 2017 වසරේ පෙබරවාරි 08වන දිනය.ගිය කොටස ගැන ටිකක් මතක්කරනවනම් ෆිලොරියේ නව මහරජුවන අපේ එලියට්ට රජකම එච්චර ලේසි දෙයක් වෙන්නෙ නෑ.එකට හේතුව මෘගයාගේ ක්‍රියාවන් හේතුවෙන් ෆිලොරියේ මැජික් සීඝ්‍රයෙන් අඩුවේගෙන යාම ඒ නිසාම ෆිලොරියේ වගාවන් කරගෙන යාමට බැරි තත්වයක් උදාවෙලා, ඉතින් එලියට් තමන්ගේ කුඩාකළ අත්දැකීම් උදවු කරගෙන ෆිලොරියට නව වගා ක්‍රමයක් කියාදුන්නා.ඔය අතරෙ තමන්ට ධවල මාළිගාවේ අවු ගබඩාවෙන් ලැබුණ බ්‍රේක්බිල්ස් වැඩපොතේ ප්‍රශ්ණය විසඳගන්න ක්වින්ටන් ඇතුළු කට්ටිය ආපහු බ්‍රේක්බිල්ස් වලට ආවත් ඔවුන් සොයන දේ තිබුණෙ බිග්බී නම් හිටපු බ්‍රේක්බිල්ස් ආචාර්යවරියක් ලඟ.කොහොමහරි ඒක ලබාගත්තත් එය පමණක් මෘගයා මැරීමට ප්‍රමාණවත් නැති බව පවසන කුලපති ෆොග් කේකෝ රාක්ෂයන් නම් සතුන් විශේෂයක් අපේ කට්ටියගෙ ඇඟට ඇතුල් කරනවා.ඒ අතරෙ රෙනාඩ්ව මරන වැඩේට මරීනව එකතු කරගන්න ජූලියා සමත්වෙන අතරම මෘගයා විසින් එලියට්ගේ මාලිගයට යම් ශාපයක් කරල තියන බව දැනගන්න ජූලියා ඒක ක්වින්ටන්ට දැනුම් දෙනවා.ඔන්න ඔහොමයි ගිය කොටස අවසන් වුණේ.අද කොටසින් ඒ ශාපෙ මොකද්ද කියල බලාගන්න පුළුවන් වෙනවා.එහෙනම් මම ගියා ඊලඟ කොටසින් හමුවෙමු.
Spoiler Warning : Quentin and friends prepare to face The Beast again; Julia conspires with The Beast and their new ally to lure and trap Reynard…
Thnq Bro sub ekata😇✌
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…