The Gifted (2017) [S01 : E11 ] Sinhala Subtitle
යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් සෑහෙන දවසකට පස්සේ අතරමග නැවතුන – The Gifted – කතා මාලාවේ 11වෙනි එපිය ගෙනාවා. මේ කතා මාලාව ඉවර වෙලා දැනට මාස ගානකුත් ගතවෙලා. ඒත් අද තමයි 11වෙනි එපිය දෙන්න පුළුවන් වුණේ. ඇත්තම කියනවානම් උපසිරැසි කරන්න වෙලාවක් නෑ. වෙලාවක් හම්බවුණ හැටියේමයි උපසිරැසියක් කරන්නේ. අනික ඔයාලා දන්නවා උපසිරැසි කරන හැමෝම නොයෙකුත් වෘත්තීන් වල, අධ්‍යාපන කටයුතුවල යෙදිලා ඉන්නවා කියලා. ඒ නිසා උපසිරැසි කරන්න සමහර වෙලාවට කාලය කළමනාකරණය කරගන්න අමාරුයි. ඒ නිසා තමයි උපසිරැසි දෙන්න පරක්කු වෙන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ කියලා හිතුනා. කතා මාලාවේ අද එපිය ගැන කතා කරනවානම්, මේකට සිංහල උපසිරැසි කරන්න එපාම වුණා. මං මේ කතා මාලාවට හැමදාමත් උපසිරැසි කළේ MkvCage සයිට් එකේ නිකුත් වුණ පිටපතට ගැලපෙන්නයි. ඒ පිටපතත් එක්කම එන ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන තමයි සිංහල උපසිරැසිය හැදුවේ. ඒත් 11වෙනි එපියත් එක්ක ආපු ඉංග්‍රීසි උපසිරැසිය නම් වැඩක්ම නෑ. සෑහෙන Sync Error තිබුණා. සමහර තැන්වල ලයින්ස් අඩුයි, ලයින්ස් ගැලපෙන්නේ නෑ, දෙබසට පස්සේ ලයින්ස් යන්නේ. ඔය වගේ ප්‍රශ්න හුඟක් තිබුණා. ඉතින් එකක් නෑර ඔක්කොම වගේ අමුතුවෙන්ම හදන්න වුණා. ඒ නිසා හිතුවටත් වඩා සෑහෙන කාලයක් ගියා. ඔයාලා MkvCage සයිට් එකේ පිටපත අරගන්න කෙනෙක් නම් අරගෙන බලන්නකෝ ඉංග්‍රීසි පිටපත කොහොමද කියලා. ඒත් සිංහල උපසිරැසිය ගැන නම් බයවෙන්න කාරියක් නෑ. ඒකනම් පිටපතට ගැලපෙන විදිහටම හැදුවා.
අද නම් කතාව ගැන කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න අද එපිය කොහොමද කියලා. ඒවගේම Ferdinand (2017) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සෑහෙන දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන තිබුණා. [Download Times 3950+] ඒ හැමෝටම බොහොම ස්තූතියි. තවමත් බලපු නැති කෙනෙක් ඉන්නවනම් අරගෙන බලන්න. එහෙනම් මේ කතා මාලාවේ අවසාන එපිය සමගින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට,
බුදු සරණයි!!!
සියළුම Web පිටපත් සඳහා.
බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් සහෝ.🤪🤪🤪
thanks upasirasiyata
onna saho season 2 ekath enawaa
තෑන්ක්ස් සහෝ පණිවිඩයට. අනිවාර්යෙන්ම ඒකටත් සබ් එක දෙනවා.
බොහොම ස්තූතියි සහෝ..!!😀
තෑන්ක්ස් කුසල්.😎😎😎