Fauda (2015) [S01 : E01] Sinhala Subtitle
Fauda [S01 E01] ත්‍රස්තවාදියා පසුපස
කොහොමද යාලුවනේ, මම අරගෙන ආවෙ, 2015 වර්ෂයේ විකාශනය වීම ආරම්භ වුන සුපිරි කතාමාලාවක්. පලවෙනි එපිය විකාශය වෙලා තියෙන්නෙ 2015-02-15 වෙනිද, සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි මේක නිර්මානය කරල තියෙන්නෙ. මම හිතනව ඔයාලට මග ඇරුණු තවත් පට්ට කතාමාලාවක් තමයි මේක. දැනට සීසන් 2 ක් මේ වෙනකොට විකාශනය අවසන් කරල තියනව. සම්මාන ගොඩක් දිනාගත්ත මේ කතාමාලාව IMDB අගය 8.3 ක්, කුණු තක්කාලියෙ 100% ක්, ගූගල් පරිශීලකයො 95% ක ඉහල අගයන් හිමිකරගෙන තියෙනව. ඒකෙන්ම පේනවනෙ කතාව සුපිරි කියල, ප්‍රධාන චරිත විදියට Avi Issacharoff, Lior Ras රංගනයෙන් දායක වෙනව, ඇක්ෂන්, ඩ්‍රාමා ගනයට තමයි කතාමාලාව ඇතුලත් වෙන්නෙ. මේකත් Netflix වැඩක්.
කතාව දිගහැරෙන්නෙ මෙහෙමයි. ඊශ්‍රායලයෙ විශේෂ බලකායක් පලස්තීනයට එනව එයාලට වැඩියෙන්ම උවමනා උන ත්‍රස්තවාදී නායකයෙක්ව හොයාගෙන. අබු අහමඩ් තමයි නම. ඔහු ඊශ්‍රායලය ජාතිකයො විශාල ප්‍රමානයක් මරල තියනව, ඒකට පලිගන්න තමයි මේ බලකාය පලස්තීනයට පය තියන්නෙ. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ව තමයි මේ වැඩවලට අබු අහමඩ් යොදාගෙන තියෙන්නෙ. විශේෂ බලකායක් කිවුවට CID,FBI වගේ තමයි. ඔහුව අල්ලන්න කරන උපාය මාර්ග තමයි කතාමාලාව පුරාම තියෙන්නෙ, කොහොම උනත් ඉතිං ඌව අල්ලන එකනම් ලේසි නෑ. ඔහුත් හොයාගන්න බැරි විදියට වෙස්වලාගෙන ගේම ගහන්නෙ, ඔයාල දැකල තියෙනවනෙ තලෛබාන් කාරයො! ඒවගේ තමයි මේ ත්‍රස්තවාදී නායකයත්. පලවෙනි කොටසෙදිම මේ දෙගොල්ලො මූනට මූන හම්බෙනව. ඊශ්‍රායල බලකායට ඕනෙ අබු අහමඩ්ව මරල දාන්න ඉතින් ඒක කරගන්න පුලුවන් වෙයිද? අබු අහමඩ් මොනව නොකරයිද? ඒක දැනගන්නනම් ඉතින් කතාව බලන්නම වෙනව, කුතුහලය පැත්තෙන් ගත්තොත් කිසිම අඩුවක් නෑ ගේමම තමයි. බාගෙන බලන්න ආරාධනා කරනව, ඊශ්‍රායලය පලස්තීන යුද්ධය.. එහෙනම් ගිහින් එන්නම්. දෙවනි කොටසින් හමුවෙමු. සුබ දවසක්…
FAUDA Season 2 eka ganna beh Racaty eke nehe dan video tika nehe kiyanawa @bawantha poddak apita kiyannako mokakda karanne kiyala
https://mega.nz/folder/v3hWzCRJ#02mc_VxrksGMHrKPtM45tg
Bohoma sthuuthi sinhala subtiles walata..:ok_hand: Jaya wewa!