The Enid Blyton Adventure Series (1996) [S01 : E01] Sinhala Subtitle
The Island of Adventure
නිවාඩුවට ගමනක්

Enid Mary Blyton (11 August 1897 – 28 November 1968)
එනිඩ් මේරි බ්ලයිටන් හෙවත් එනිඩ් බ්ලයිටන් ළමා කතා ලොවේ වීරවරිය 1897 දී දකුණු එංගලන්තයේ ඩල්හිච් උපත ලැබුවා.1968 දී සමුගත් ඇය වසර 71 ජීවිත කාලයේ දී ලියූ පොත් ගණන 400 අධිකයි.ඇය ගේ සියලුම කතා අතිශයින් ජනප්‍රිය වුණා. ඒවා මිලියන 600 වඩා අලෙවි වී ඇති බව සඳහන්.බොහෝ කතා මාලා රූපවාහිනී කතාමාලා බවට පත් කෙරුණා.
ඒ අතර FAMOUS FIVE, SECRET SERIES, ADVENTURE SERIES, SECRET SEVEN, MALORY TOWERS විශේෂයි. ඒවායේද ජනප්‍රියතාව අදටත් එහෙමයි. මීට වසර තිස් ගණනකට පෙර ජාතික රූපවාහිණියෙන් විකාශණය වූ පන් පසිදු වික්‍රම (FAMOUS FIVE) වගේම , මීට වසර 25 පෙර විකාශණය වූ රහස් දූපතේ කතාව (SECRET SERIES) අපිව වෙනම ලෝකයට ගෙන ගියා ඔයාලට මතක ඇති.රූපවාහිනිය තවමත් එම කතා යූටියුබ් අප් ලෝඩ් නොකර ඉන්නෙත් ඒ නිසා,
සිංහල හඩ කැවූ රහස් දූපතේ කතාව ඔයාලට මෙතනින් බලන්න පුලුවන් Click Here
අද ඔයාලට ගෙනාවේ ADVENTURE SERIES කතා මාලාවයි. 1996 දී පළමු වරට විකාශනය වූ මෙය අපි කවුරුත් ආදරය කරන රහස් දූපතේ කතාව 😍 වගේම කිසිදා අමතක නොවන රොබින්සන් අන්දරය 🥰 සහ විලියම් ටෙල් (The Legend of William Tell ) නිශ්පාදනය කරපු cloud 9 ගෘප් එකේ වැඩක්.ඉතින් මේ කතාවේ ජැක්,ලුසී ඈන්, ඩයනා, පිලිප් සහ කිකී නම් ගිරවිය තමයි ඉන්නේ, තව දෙයක් ලුසී ඈන් චරිතයට ඉන්නේ රහස් දූපතේ පෙගී ගේ චරිතය රඟපෑ Jennyfer Jewell.
The Island of Adventure
The Castle of Adventure
The Valley of Adventure
The Sea of Adventure
The Mountain of Adventure
The Ship of Adventure
මේ කතා පොත් හයටම episodes 24 ඇතුලත්ව සම්පූර්ණව කතා මාලාව නිශ්පාදනය කර තියනවා.
ඉතින් එහෙනම් එන්න රහස් හොයන්න ………!
(උපසිරැසි වල හෝ වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කිරීමේ ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් තියන්න)
