ඔන්න මගෙ උපසිරැසි ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ TV සීරීස් එකකට සබ් කරන්නෙ.මේකට සබ් කරපු සඳුන් කරුණාරත්න සහෝදරයා කාර්යබහුල වීම හේතුවෙන් මට මේ The Magicians සීරීස් එක බාරඅරගෙන කරන්න කියල අපේ ඇඩ්මින්ලගෙන් ඉල්ලීමක් ආවා.ඉතිං ඒ ඉල්ලීම ඉටුකිරීමේ ආරම්භය තමයි මේ.මේකෙ කලින් කොටස් දෙකකට සබ් දීල තියන නිසා මම අද මේ අරගෙන එන්නෙ තුන්වෙනි කොටස.ඒවගේම ඉතුරු කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.TV සීරීස් එකක් නිසා වැඩි විස්තරයක් කරන්න දෙයක් නෑනෙ.මම පොඩ්ඩක් ගිය සතියෙ සිදුවීම් මතක් කරලම අද කොටස ගැන කියන්නම්…
පසුගිය කොටසෙදි කුලපතිතුමාට ප්‍රහාරයක් එල්ල කල මෘගයා පාසලට ආවෙ කොහොමද කියන එක ගැන පරීක්ෂණයක් කරනව කිව්ව.පරීක්ෂනයෙදි ‘පෙනී’ සැන්ඩ්ලර් මහත්මියට වෙච්ච සිද්ධිය කියල ක්වින්ටන්ව අල්ලල තියල ගියානෙ.මේ අලකලංචි හින්ද තමන්ව පාසලෙන් එලියට දායි කියල ක්වින්ටන් හිටියෙ බයෙන්.මුල් කොටසෙදි බ්‍රේක්බිල්ස් පාසලට ගත්තෙ නැති ජූලියා වෙනම මැජික් කණ්ඩායමකට එකතු වෙනවනෙ.ගිය කොටසෙදි ඇය තමන්ගෙ පළවෙනි පරීක්ෂණේට මුහුණ දුන්න.ජූලියගෙ කණ්ඩායම පෙනීගෙ පෙම්වතිය වෙන කේඩි ලවා බ්‍රේක්බිල්ස් පාසලේ පොතක් හොරෙන් ගෙන්න ගන්නවා.ප්‍රහාරය ගැන පරීක්ෂණය කරන්න පාසලෙන් විශේෂඥවරියක්ව ගෙන්නනව.ඇය ක්වින්ටන්ට තව අවස්ථාවක් දෙනවා.ජූලියාට තමන්ගෙ පළවෙනි පරීක්ෂණය සාර්ථකව නිමකිරීම නිසා තරුවක් ලැබෙනව.විශේෂඥවරියගෙන් ලැබෙන අවස්ථාව නිසා ක්වින්ටන් ආයිත් තමන්ගෙ මිතුරු එලියට් සහ මාර්ගෝ එක්ක එකතු වෙනවා…
අද කොටස මෙහෙමයි…පාසලෙන් තමන්ගෙ ක්වින්ටන් අයිති මොන මැජික් ශිල්පී ගොඩටද කියල පරීක්ෂණයක් කරනවා.දන්නවනෙ සිත් කියවන්න අනාගතය දකින්න පුළුවන් අයට කියන්නෙ චෛතසික කියල.අපේ ඇසට පේන මැජික් කරන අයට කියන්නෙ භෞතිකයින් කියල.එයාලව ඒ ඒවිදියට වර්ග කරල වෙන වෙනම නේවාසිකාගාරවලට දානවා.ඔය අතරෙ ඇලිස් ක්වින්ට තමන්ගෙ නැතිවුණ සහෝදරයා චාලිව හොයාගන්න අලුත් ක්‍රමයක් හම්බවෙනව.චාලිට වුණ දේ ගැන පොඩි හෝඩුවාවකුත් ලැබෙනවා.පාසලේ තියන අභිරහස් පොකුණක යම් සිදුවීමක් වෙනව වගේ දේවල් ගොඩක් අද කොටසෙ තියනවා.ඉතිං නරඹන්න කියල ආරාධනා කරන ගමන් මං නවතින්නම් ඊලඟ කොටසෙන් හමුවෙමු…
Spoiler Warning : Quentin and Julia have an unexpected and volatile reunion; Penny is overwhelmed by his own psychic abilities; Alice is determined to find out the truth behind her brother’s disappearance…
නියමයි සහෝ…ජය වේවා!!!
ස්තූතිති , කවිෂ.
Niyamayi Saho.Digatama Sub eka Denna.
ස්තූතියි සපුමල්, දිගටම සබ් එක දෙනවා අනිවාර්යයෙන්ම.
ane saho digatama sub aka denna…plz nawattanna epa..meka lassana tv series akak…
අනිවාර්යයෙන්ම දිගටම සබ් එක දෙනවා පසන්, බයවෙන්න එපා.
The Magicians කියන්නේ මං ආසම කතා මාලාවක්.පොදුවේ ගත්තාම මම විතරක් නෙමේ මේකට කැමති ප්‍රේක්ෂක ප්‍රමාණය අදිකයි.මං මේ සීරියස් එක ඩවුන්ලෝඩ් කරලා උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි දෙකේම උපසිරැසි බැලුවා.ඒත් තිබ්බේ නැහැ.ඒත් මම මේකේ උපසිරැසි හොයන්න ගුගල් සර්ච් කරද්දී තමා මේ subz.lk වෙබ් අඩවිය මට හොයාගන්න පුළුවන් උනේ.මට මතක විදිහට ඒ මාසයකට වගේ කලින්.එතකොට Magicians එපිසෝඩ් දෙකක් දීලා තිබුනා.ඊට පස්සේ මම මේ අඩවියට හැමදාම එන්න ගත්තා.එන්න විශේෂම හේතුව Magicians ඉතුරු කොටස් සබ් ලබා ගන්න.හැමදාම ඇවිත් බැලුවත් ඉතුරු කොටස් වලට උපසිරැසි දෙන්නේ නැති බවක් පෙනුනේ.ඒත් මම ටිකකට කලින් ඇවිත් දැක්කාම තුන්වෙනි කොටසටත් උපසිරැසි දීලා තියෙනවා කියලා ඒ සතුට කියලා නිම කරන්න බැරි තරම්.මේ කොටස ලබා දීම සම්බන්දයෙන් හසිත සහෝදරයාට ස්තුතිය පුද කරනවාත් සමගම මම හසිත සහෝදරයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමති.මේ වගේ ඉල්ලීමක් කරන්න අයිතියක් නැති උනත් මං කරන ඉල්ලීම තමා The Magicians කතා මාලාවට දිගටම සබ් දෙන්න කියන එක.හැකි නම් සහෝ මේකේ දෙවෙනි කතා මාලාවටත් සබ් දෙන්න.ජයෙන් ජයම වේවා.
ස්තූතියි, අශේන්. සබ් එක ගැන ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ ඇඩ්මින්ලට. ඒගොල්ල තමයි මට මේක බාරදුන්නෙ.
අනිවාර්යයෙන්ම සීරීස් එකටම සබ් එක දෙනවා.
නියමයි හසිත සහෝ!
ජය වේවා!
බොහොම ස්තූතියි, සමීර.
niyamai bro….digatama sub demu…
ස්තූතියි මල්ෂාන්.
දීගටම සබ් දෙනවා නෙද මල්ලියි. ඩවුන්ලොඩ් කරලා තිබ්බා සබ් කවදහරි එයි කියලා. ඔගොල්ලො කොටස් හතරකට කලින් සබ් දිලා තියෙන්නෙ. මං ගාව 4 සබ් තියෙනවා මල්ලියි .දෙවනි එකටත් සබ් දෙන්න මල්ලියි pls…. Thank u
ස්තූතියි උදේශික. අනිවාර්යයෙන්ම සබ් එක දෙනවා. බයවෙන්න එපා.
එලම හසිත බ්‍රෝ…දිගටම සබ් එක දෙමු…තද තද…?
ස්තූතියි,Pc World LK
Ammo aye sub denna patan aragena…digatama demu….
බොහොම ස්තූතියි, කසුන්.
Digatama denna…gd luck mcn
Thanks prabash!
සබ් එකට ස්තූති සහෝ…ජයෙන් ජයම වේවා ?
බොහොම ස්තුතියි 01 කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …