Legacies (2018) [S01 : E15] Sinhala Subtitle

/
 

!...මම ඔයාට කියන්නම් කතාවක් ගැන...!

ඉතින් කට්ටිය කොහොමද, මේ කොටස පුළුවන් තරම් ඉක්මනට අනිත් එක එන්න කලින් අරං ආවා.මේක මට ඊයෙම ගේන්න තිබුණා මේ කරන්ට් කැපිල්ල නැත්නම්.මේ කොටසේ නම තමයි I'll Tell You a Story.ඉතින් මේ කොටස ලබා ගෙන ඇති imdb අගය 8.9 වගේ ඉතා හොඳ අගයක් අරං තියනවා.

ගිය සතියේ කතාව දිහාට හැරුනොත් ඔයාලා දකින්න ඇති මිස් මිස්ටික් ෆෝල්ස් තරඟය.ඉතින් අපේ ලිසී සාල්ස්මන් තරඟයට සහභාගී වුනේ නැහැ ඩේනාගේ අම්මා ප්‍රධාන විනිසුරුවරිය නිසා.ඉතින් ඒ වෙනුවට ලිසී හෝප්ව තරඟයට යෝජනා කරා.ඒ අතරේදී අපි දැක්කා ජෝසීගේ මූණ නිකන් හපයක් වගේ වෙනවා.ඉතින් අපි අන්තිමේදී දැන ගන්නවා ජෝසීත් මේ තරඟය දිනන්න කැමැත්තෙන් හිටියා කියලා.ඒ වගේම අපේ පෙනොලොපි උත්සහ කරා කොහොම හරි ජෝසීව දිනවන්න, එත් ඉතින් ජෝසී ලිසීගේ සැලැස්ම අනුව වැඩ කරනවා.මේ අතරේදී ඔයාලා the originals බැලුවා නම් දකින්න ඇති මේකට රෝමන් එනවා.(හෝප් ගේ කලින් කොල්ලා) ඉතින් හෝප් රෝමන් එක්ක සුහදව කතා කරන එක ලැන්ඩන්ට පෙන්න බැහැ.මොකද ලැන්ඩන් අතින් අර පිහිය හොරකම් වුනාහම හෝප් එයාට දොස් කිව්ව හැටි.අන්න ඒක නිසා. ඒ වගේම පෙනොලොපි එක්ක ලැන්ඩන් පස්සේ කතා කර කර වයින් එකක් බොනකොට හෝප් ලැන්ඩන්ගේ අම්මව හම්ඹ වෙලා ඒ ගැන මතක නැති කොටස ගැන කියනවා.ඉතින් තරඟයේ නැටුම වෙලාවේ ලැන්ඩන් ඒක ගැන කියලා රණ්ඩු වෙලා යනවා.ඉතින් කොහොම හරි එතනට රෝමන් ඇවිල්ලා මේ නැටුම ඉවර කරමු කියලා කියනවා.අන්තිමේදී හෝප් තරඟයෙන් දිනනවා.ඒ වගේම අපේ ලිසී සහ ජෝසී රණ්ඩු වෙනවා පෙනොලොපි ඉස්කෝලෙන් යන එක ගැන නොකිව්වට සහ එයාට අවස්තාවක් නොදුන්නු එකට. ඉතින් තව දෙයක් අපි දැක්කා.මේඩූසා කෙනෙක් එනවා.නැත්නම් ගොර්ගන් කෙනෙක්.ඉතින් කොහොම හරි MG එයාව අල්ල ගෙන එයා කරපු වැරැද්ද තේරුම් කරවනවා.ඉතින් අපි අවසානයේදී දකිනවා පෙනොලොපි පාසලෙන් යන එක සහ අර පෙනොලොපි පෑන් පාවිච්චි කරලා කරපු හොර වැඩ ටික තියන පොතක් ජෝසීට දීලා යනවා.ඒ වගේම එයාට ඒකෙ තියන මර්ජ් එක ගැන කියවන්න කියනවා.ඇත්තම කිව්වොත් පෙනොලොපි යන එකට මටත් ටිකක් දුක හිතුණා. ඒ වගේම ජෝසී දැන ගන්නවා පෙනොලොපි එයාට ඇත්තටම ආදරය කරලා තියනවා කියලත්.ඉතින් අවසානයේදී අපිව වෙනම පැත්තකට අරං ගිහිල්ලා MG ගේ අම්මා තමයි ට්‍රයාඩ් එකේ ප්‍රධානියා කියලා අපිට දැක ගන්න පුළුවන් වෙනවා.ඒ වගේම එයා පාසලට ඇවිල්ලා ආපහු යද්දී ලැන්ඩන්වත් ට්‍රයාඩ් එකට අරං යනවා අපිට බලා ගන්න පුළුවන්.

ඉතින් අද කොටස දිහා බැලුවොත් ඔයාලට ජෙමනායි කවය ගැන තියන රහස නිවුන්නු දෙන්නට එලිවීම වගේ දේවල් බලන්න පුළුවන්.ඒ වගේම අපේ ලැන්ඩන්ට මොනවා වෙයිද සහ ඇත්තටම ලැන්ඩන් කවුද කියලත් බලා ගන්න පුළුවන් වෙයි.මම ගිය කොටසින් කිව්වේ එයාව 90% පෙන්නුවා කියලා.මේ කොටසේදී 100 % එයා කවුද කියලා අපිට බලා ගන්න පුළුවන්.ඒ වගේම අපිට මේ ඒජන්ට් ක්ලාර්ක්ගේ ගැන තියන අභිරහස ගැනත් දැන ගන්න පුළුවන්.මේ කොටස ගොඩක්ම දේවල් හෙළි කරන කොටසක්.ඒ නිසා කට්ටිය මඟ හරවා ගන්නේ නැතුව බලන්න.

විශේෂ - 
  • ජෙමනායි කවය - ජෙමනායි කවය කියලා කියන්නේ මායාකාරියන් සහ මායකරුවන්ගෙන් සමන්විත කවයක්.ඔයාලා Secret Circle (බලල නැත්නම් බලන්න) තියනවා නම් කවය කියන එක ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්.ඉතින් මේ ජෙමනායි කවය ඇමරිකාවේ පොර්ට්ලන්ඩ්,ඔර්ගන් වගේ පැති වල ඉඳලා පස්සේ මිස්ටික් ෆෝල්ස් වලට එනවා.ඔයාලා tvd බලල තියනවා නම් එකේ පහ හෝ හයවෙනි කතා මාලාවන් වල තමයි මේ ගැන සඳහන් වෙන්නේ.ඉතින් මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලා සයිෆන් මායාවන් කරන එක.මේ කවයේ දැනට බේරිලා ඉන්න එකම දෙන්නා තමයි ලිසී සහ ජෝසී කියන්නේ.ඉතින් මේ කවය විනාශ කරේ මලාචි පාර්කර්(කායි පාර්කර්) කියලා කෙනෙක්.මෙයාලගේ තව මායාවන් තියනවා.ඒ අතර කෙනෙක්ව හිර ලෝකයකට යැවීම, සැඟවිලා ඉන්න පුළුවන් මායාව, ඒ වගේම තවත් මේ වගේම මායාවන් ගොඩක් කරන්න මෙයාලට පුළුවන්.ඒ වගේම මේ ජෙමනායි කියන එකේ තේරුම තමයි නිවුන්නු කියන.ඒ වගේම ලිසී සහ ජෝසී ඇරුනහම මේ කවයේ දැනට ඉතුරු වෙලා ඉන්න කට්ටිය තමයි කායි පාර්කර් සහ වැලරි ටලී.ඒ වගේම මේ කවයේ  ගොඩක් දෙනෙක් හයිබ්‍රිඩ්ලා.ඒ කියන්නේ මායාකාරියන් සහ වැම්පයර්ලගේ එකතුවක්.මේකේ සාමාජිකයෝ තමයි ජෝසෙට් පාර්කර්, ජෝයි පාර්කර්, තවත් පාර්කර්ලා තුන් දෙනෙක්, ඔලිවියා පාර්කර්, ලූකස් පාර්කර්, හැසෙල්, ජෝසී සාල්ස්මන්, ලිසී සාල්සමන්, වැලරි ටලී, නොරා හයිගාර්ඩ්, මේරි ලුයිස්, ඔස්කාර්, මැල්කම්, බෙයුයි, ජෝෂුවා පාර්කර් (නායකයෙක්), මලාචි පාර්කර්/කායි(නායකයෙක්) ජෝසී සහ ලිසී, ඒ වගේම වැලරි සහ කායි.(මේ දෙන්නා ඉන්නේ හිරේ).
 
  • සයිෆන් මායාව - මේ මායාවේ තියන විශේෂත්වය මෙයාලට පුළුවන් මායා වස්තූන්,මායාවෙන් හැදුණු අය, ඒ වගේම මායාව ඇඟේ තියන කට්ටියගෙන් මායාව උරා ගෙන එයාලට මායාවන් කල හැකි වීම.
 
  • ඒකා බද්ධය / මර්ජ් - මේක ජෙමනායි කවයේ තියන සම්ප්‍රදායික මායා කර්මයක් සහ ශාපයක් විදිහට අපිට මේක දකින්න පුළුවන්.කවයේ ඉන්න නිව්වුන්නු තමයි මේ කවයේ ප්‍රධානියා වෙන්නේ.ඒවගේම කවයේ ප්‍රධානියා වෙන්න එක නිවුන්නෙක් අනිත් එක්කෙනාව මරන්න ඕනේ.එතකොට තමයි කවය පවත්වාගෙන යන්න පුළුවන්.මේ මර්ජ් එක සිද්ධ වෙන්න නම් නිවුන්නු දෙන්නා එකට මැජික් කරලා තියෙන්නේ ඕනේ, ඒ වගේම එයාලට අවුරුදු 22 වුනහම එයාලට සිද්ද වෙනවා මේකට පෙනී හිටින්න.මෙයාලා මෙයාලගේ අත් දෙක එකට එකතු කරගෙන මනසින් සටන් කරන්න ඕනේ.ඒ වගේම වැඩි බලයක් තියෙන කෙනා අනිත් කෙනාව පරද්දවලා බලය ලබා ගෙන කවයේ නායකයා වෙනවා.ඉතින් ඔයාලට මතක ඇති නම් tvd වල කායි සහ ජෝ මේ මර්ජ් එකට සහභාගී වෙනවා.එත් ලූක් ඇවිල්ල ජෝව අයින් කරලා එයා සහ ලූක් මර්ජ් එක කරනවා.මෙන්න මෙතනින් එක ඔයාලා ගිහින් බලන්න.
 
  • හර්ටික්ස් - මෙයාලා කණ්ඩායමක්.ජෙම්නායි කවය ගැන කියාද්දී මෙයාලා ගැන නොකියා බැහැ. මෙයාලා හරි දරුණු වැම්පයර් මායාකාරියන් ඉන්න පිරිසක්.මේකේ ඉන්නවා ලිලීයන් සැල්වටෝර්(ඩේමන් සහ ස්ටෙෆන් ගේ අම්මා), කායි සහ වැලරි සහ තවත් කට්ටිය් ඉන්න එකක්.එකේ කට්ටියව හරියට කිව්වොත් ලිලියන් සැල්වටෝර් සහ ජුලියන් නායකයන්.වැලරි ටලී, මෙලාචි පාර්කර්, ඔස්කාර් , නොරා හයිඩ්ගාර්ඩ්, මේරි ලුයිස්, බෙයු, මැල්කම්.

ඉතින් ඔය උඩ දැම්ම විස්තරය හරියටම හරි නොවෙන්නත් පුළුවන්.එත් ඉතින් පුළුවන් විදිහට දැම්මා හොඳේ.ඉතින් එහෙනම් මම යනවා.දැන් එන්න එන්නම කට්ටියගේ comment අඩුයි.මේ කොටසට මට හොඳ comment ටිකක් ඕනෙමයි.ඉතින් ඊලඟ කොටස දෙන්නේ comment තිබුනොත් විතරයි.අපි ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ අදහස විතරයි.තත්පර තිහක් වැය කරලා ඕක දාලා යන්න බැරි නම් ඉතින් අපි මේ නැහීගෙන මේවා කරලා වැඩක් නැහැ.ඉතින් ඊලඟ කොටස දෙන්නේ සැලකිය යුතු මට්ටමේ අදහස් ටිකක් තිබුනොත් විතරයි.නැත්නම් මේක නවත්වලා දානවා.හොඳයි ඊළඟ කොටසින් හම්බවෙමු.එතෙක් ඔයාලට ජය වේවා!

7.5
IMDB

Year : 2018

Actors : Danielle Rose Russell, Aria Shahghasemi, Kaylee Bryant, Jenny Boyd

Hope Mikaelson, a tribrid daughter of a Vampire/Werewolf hybrid, makes her way in the world.


2022-02-14 09:44 am

Movies

4

Tv Episodes

73

SubzLK වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 5715
  • File Size : 24.027KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates