Legacies (2018) [S01 : E02] Sinhala Subtitle
මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේ කොටස පරක්කු උනාට. ඇත්තටම පරක්කු වෙන්න හේතුව මම ගෙදර හිටියේ නැහැ. ගමේ ගිහිං හිටියේ. ටික දවසකට කළින් තමා ආවේ. ඇවිල්ලත් ගොඩක් වැඩ නිසා කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා ගොඩක් පරක්කු උනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. එහෙනම් අපි හැරෙමු කලින් කොටස පැත්තට.
ඔයාලට මතක ඇතිනේ දී ඔරිජිනල්ස් කතාවේ අන්තිම කොටසේදී වගේ ලැන්ඩන්ව. රික් සහා හෝප් යනවා රෆායෙල් කියලා වෙයාවුල්ෆ් ළමයෙක්ව හොයාගෙන. එතකොට තමා හෝප්ට ආපහු සැරයක් ලැන්ඩන්ව හම්බෙන්නේ. ඉතින් මෙයාලා රෆායෙල් එක්කම ලැන්ඩන්වත් සැල්වටෝර් පාසලට එක්කගෙන යනවා. ඒත් ලැන්ඩන් මේ ස්කෝලෙට අයිති කෙනෙක් නෙමේ. ඒ නිසා රික් එයාගේ ශිෂ්‍යයෙක් ලවා ලැන්ඩන්ට බල කරනවා එයාට මේ දේවල් අමතක කරන්න කියලා. ඒත් ඒක හරියන්නේ නෑ. මොකද ලැන්ඩන් වර්වෙන් බීලා හිටියේ. ඒ නිසා ලැන්ඩන්ව උමං කුටියක හිර කරනවා. ඒත් රෆායෙල් ලැන්ඩන්ව එතනින් එලියට ගන්නවා. ලැන්ඩන් ශේප් එකේ එතනින් පැනලා යන්න හදද්දි තව ටිකෙන් හෝප්ගෙන් මැරුම් කනවා. ඉතින් හෝප් මෙයාව පුස්තකාලයට එක්කගෙන යනවා. දෙන්නා කතා කර ඉන්නවා. එතන තිබ්බ පිහියක් ගැන ලැන්ඩන් ටිකක් වැඩිපුර අවදානය යොමු කරනවා. ආපහු හෝප් ඉතින් මෙයාව උමං කුටියට දානවා. පහුවදා ලැන්ඩන්ගේ මතකයන් අමතක කරවලා එයාව ආපහු යවනවා. එතකොට තමා හැමෝම දැනගන්නේ ලැන්ඩන් අර පිහිය හොරකම් කරලා කියලා. ඒත් හෝප් ඒක පිළිගන්න සුදානම් නැහැ. ඒත් හෝප් අන්තිමට පිළිගත්තා. ඉතිං ලැන්ඩන්ව හොයන්න හෝප් අදුරු මායාව කරනවා රික්ගේ දුවෙක්ගෙන් උදව් අරගෙන. ලැන්ඩන් බස් එකක අර පිහියත් අරගෙන යනවා දකිනවා. ඒ පිහියෙන් අර බස් එක ගිනි ගන්නවා. එහෙම තමා දකින්නේ. රික් සහා හෝප් එතනට ගිහිං බැලුවම හැමෝම පිච්චිලා හිටියා. ඔහොම තමා කළින් කොටසේ සාරාංශය.
අද කොටස විකාශය වෙලා තියෙන්නේ November 1, 2018 දින, Some People Just Want to Watch the World Burn නමින්. ලබාගෙන තියෙන IMDB අගය 8.0ක් වෙනවා. මං අද කොටස ගැන විශේෂ දෙයක් කියන්නේ නැහැ. ඔයාලම බලන්න. එහෙනම් මීලග කොටසෙන් මුණගැහෙමු. එතෙක් ඔබට ජය!
සැ.ක.යු :- අද කොටසේ ෆුට් බෝල් ක්‍රීඩාවක් තියෙනවා. ඉතින් ඒ ක්‍රීඩාවටම ආවේනික උන විශේෂ වචන මම පරිවර්ථනය කරේ නැහැ. ඒවා ආවේනික වචන නිසා මම ඒවා ඒ විදිහටම තිබ්බා. හැබැයි ඒක ඔයාලගේ රසවින්දනයට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ
එලම සහෝ,එනකම් මඟ බලා උන්නෙමි.සබට තුති වේවා!!!!!!!!!!!!!!!!!!!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
Thanks For Sub….
නියමයි….සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකටත් ඉක්මනටම සබ් දෙමු…..
Elama Thanks bro
වැම්පයර් ඩයරීස් සබ් එක නැද්ද දෙන්නේ මන් හිතන්නේ එක දීලා ඕක දුන්නනම් හොදයි කියලා නැත්තන් ඔක්කොම හිරවෙනවනේ
elama bro
Sub ekata thankx brother 👍
03 weni ekath ikmanata danna plz…..
kathawa digatama denawa nedda…
THanz sub ekata
sub ekt thanks