W – Two Worlds [EP 06] Sinhala Subtitle

October 03, 2017 Junior Subtitler

කොහොමද යාළුවනේ?ගොඩක් දෙනා Comment දාලා තිබුනා වගේම මගේ FB එකටත් Msg දාලා තිබුනා ඉක්මනින්ම “W- Two Worlds” කථාවේ 6 වන කොටසටත් උපසිරැසි දෙන්න කියලා.මේ දවස් වල ගොඩක් කාරයබහුල වුනාට, ගොඩක් දෙනා ආසාවෙන් ඉල්ලන නිසාමයි ඇගට කොච්චර මහන්සි දැනුනත් ඉක්මනින්ම උපසිරැසි හදන්නෙ.මම Subz LK වෙත ඉදිරිපත් කරන “තුන්වන සිංහල උපසිරැසිය” තමයි මේ.කථාවේ හොදම කොටස් ටික තමයි මේ දැන් යන්නෙ.උපසිරැසි වල පොඩි පොඩි අත්වැරදීම් ඇති.ඒවට සමාවෙන්න හොදේ.කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔයාලා දෙන අදහස් වලින් තමයි, ඇගට හොද පණක් ලැබෙන්නෙ.එහෙනම් අපි වැඩි කථා නැතිව කථාව පැත්තට ගිහිල්ලා බලමු…

 W – Two Worlds  (ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය)

පෙර කොටසින්…

ටික වෙලාවක් යනකොට,Kang Chul ගේ ලෝකය නතර වෙනවා.Kang Chul ට මායා දොරක් විවෘත වෙනවා පේනවා.Kang Chul මායා දොරින්, Oh Yeon-Jo ගේ ලෝකයට එනවා.ඔහු කොහොමරි “W” කාටූන් කථාව, පොත් සාප්පුවකින් කියවනවා.Kang Chul ට තේරෙනවා එයාගේ ජීවිතයේ වුනු හැමදෙයක්ම, මායාවක් කියලා.Kang Chul, Oh Yeon-Joo ව මුණගැහෙනවා.ඒ වෙලාවේ Oh Yeon-Joo කිව්වෙ නැති වුනාට මුළු හදවතින්ම සතුටුවුනා ඔහුගේ පැමිණීම ගැන.ඊට පස්සෙ Kang Chul, “W” කාටූන් කථාව ලියුව ශිල්පියාගේ ගෙදර හොයා ගෙන යනවා.ඒ වෙලාවෙ දැනගන්නවා Oh Yeon-Joo ගේ තාත්තා තමයි “W” කාටූන් කථාව ලියුව ශිල්පියා කියලා.Oh Yeon-Joo ගේ තාත්තා ටික දවසකව පස්සෙ එදා තමයි ගෙදර එන්නෙ.ඒ වෙලාවෙ ඔහු Kang Chul ව දකිනවා.Kang Chul ඔහුට තුවක්කුව එල්ල කරලා, අහනවා එයාගේ පවුල විනාශ කරපු මිනීමරුවා කවුද කියලා?එතකොට තමයි Kang Chul දැනගන්නෙ, එයාගේ පවුලෙ අයව මරපු නිශ්චිත කෙනෙක් නෑ කියලා.එතකොට තමයි Kang Chul, Oh Yeon-Joo ගේ තාත්තට වෙඩි තියනවා.Oh Yeon-Joo එයාගේ තාත්තයි, Kang Chul යි කථා කරන දේවල්  පෝන් එකෙන් අහන් හිටියෙ…

අද කොටසින්…

Kang Chul, Oh Yeon-Joo ගේ තාත්තට වෙඩි තියලා එතැනින් යනවා.Soo Bong දකිනවා  Kang Chul එතැනින් යනවා.Oh Yeon-Joo ගේ තාත්තව වහාම රෝහල වෙත ගෙන යනවා.ඒ වෙලාවේ තමයි ඔහුට හෘදයේ සැත්කමක් කරන්න වෙන්නෙ.ජීවිතය හරිම පුදුමයි නේද?පුංචි කාලේ ඉදන් තමන්ව ආදරෙන් හදාගත්ත තාත්තාව කපන ආකාරය දකින්න Oh Yeon-Joo ට නෙවෙයි කාටවත්ම බෑ.සැත්කම අවසන් වෙනවා.වෛද්‍යවරුන් දෙවියන් සේ සළකන්නෙ මේ නිසාමයි.අවසානයේ Oh Yeon-Joo ගේ තාත්තා බේරෙනවා.ඒත් මේ අතරේ Kang Chul, Oh Yeon-Joo ට ලියුමක් ලියලා රෝහලට දෙනවා.එයාට දෙන්න කියලා.ඊට පස්සෙ Kang Chul හැන්ගගට පැනලා සියදිවි නසාගන්නවා.Oh Yeon-Joo ට අහන්න ලැබෙනවාm”W” කථාවේ අවසානය සිතුවම් කරලා කියලා.ඇය දකිනවා  Kang Chul එයාගේ තාත්තට වෙඩි තියන ආකාරය කාටූන් එකෙන්.ඒ අතරතුර තමයි Oh Yeon-Joo ට ලියුමක් ලැබෙන්නෙ.කාලය සීඝ්‍රයෙන් ගතවෙනවා.”W” කථාවේ අවසානය ගැන රසිකයන් කම්පාවට පත්වෙලා.උද්ඝෝෂන කරන්න පටන් ගන්නවා.Oh Yeon-Joo ගේ තාත්තා රසිකයන්ගේ ඉල්ලීමට කන්දීලා, Kang Chul ට නැවත පණ දේවිද?එතකොට Oh Yeon-Joo ට ලැබුනු ලියුමෙ ලියලා තිබුනෙ මොනවද?ඇත්තටම  Kang Chulගේ පවුලෙ අයව මරපු නිශ්චිත මිනීමරුවෙක්  නැද්ද?”W” කථාවේ අවසානය මේකද?මේ හැමදේටම උත්තර අද කොටසින් බලා ගන්න පුඵුවන්.Oh Yeon-Joo ගෙයි, Kang Chul ගෙයි, ලෝක දෙකක ජීවත් වන හදවත් දෙකක සොදුරු ප්‍රේම වෘතාන්තය…මේ කොටසින් පස්සෙ කුමක් වේවිද?මේ සියල්ල දැන ගන්න ඕනි නම් මාත් එක්ක දිගටම රැදිලා ඉන්න.”W- Two Worlds” කථාවේ හත්වන දිග හැරුමත් සමග ඉක්මනින්ම හමුවෙමු…කථාව බලලා ඉවර වෙලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!!

මම ***සංජීව ප්‍රියදර්ශන කරුණාරත්න*** Subz LK වෙනුවෙන්!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sanjeewa Priyadarshana
0 Movies
13 TV Series
13 Total
Discussion (21)
  • Madusha Unregistered
    Windows 10 Opera 48

    නියමයි.බොහොම ස්තූතියි

    • Sanjeewa Priyadarshana Karunarathna Unregistered
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම සහෝ …මින් ඉදිරියටත් හොද නිර්මාණ වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි.

  • Sachinth Unregistered
    Android 5 Chrome 59

    Ikmanata ep 16 yama dendako davasata aka ganevath denda epa venvane neththam

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි.

  • Chamu Unregistered
    Android 6 Samsung Browser 5.4

    Thxx sub eka dunnata.hamadama mulinma karanne kathawata sub dilada kiyala balana eka.digatama sub denna.

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

  • Silent$ Unregistered
    Windows 8.1 Chrome 61

    Thnxxxxxxxxxxxxx

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • dima Unregistered
    Windows 8.1 UC Browser 7

    menna mulu drama ekama download karanganna
    http://kdramaindo.com/download-drama-korea-w/

  • ishara Unregistered
    Windows 7 Chrome 61

    Niyamai ayya….oyaa hodata karala thiyenava..ituru tikath ikmanata denna…and thank u ayya…

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • Lahiru Yasas User
    Windows 10 UC Browser 7

    katawa maru sub ekata thanks

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      You’re most welcome

  • Shan Unregistered
    Android 5.1 Chrome 58

    Sub ekata thanks ilanga ewath ikmanatama dennoo.. All the best bro

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

  • Kosala Unregistered
    Android 4.2 UC Browser 11.3

    Thanka saho sub ekata….
    Dan thma dakke sub eka thiyenawa…
    Mama hithuwe episode 3n sub dena eka iwara karala kiyala…passe comment ekak dakka okkama eka paaara denawa kiyala….
    Monawa sub ekata thanks
    Digatama demu sub eka

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි

  • supun Unregistered
    Android 6 UC Browser 11.4

    Hi bro thanks for sub akata nice history aka ….. ikmanta anith avata sub denna saho obata jayen jaya….

    • Sanjeewa Priyadarshana Junior Subtitler
      Windows 10 Chrome 61

      අනිවාර්යෙන්ම…පුළුවන් ඉක්මනින්ම ඉතුරු සබ් ටිකත් දෙන්නම්… බොහොම ස්තූතියි හැමදාම අපිව ධෛර්‍යමත් කරනවට…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search