ඔන්න එහෙනම් තවත් උපසිරැසියකින් තමා මේ හම්බවෙන්නේ. හැබැයි ඉතින් මේ ගේන්නේ අවුරුදු 2කට කලින් අන්තිම එපිසෝඩ් එක දාපු කතා මාලාවකට. ඒ කිව්වේ අපේ සයිට් එකෙන් කරන්න පටන් අරන් මඟ නැවතුණු කතා මාලාවකට. වැම්පයර් ඩයරීස්. මේ කතාව මඟ නැවතුණු සෑහෙන්න බැනුම් කන්දරාවක් අහන්න වෙලා තිබ්බා සයිට් එකට. සාධාරණයි ඉතින්. තරහ යනවනේ. කොහොමහරි මේ සැරේ ඉවර වෙනකම්ම ඔයාලට උපසිරැසි අරන් එන්නයි මේ සූදානම. මේක මම තනියම කරන වැඩක් නෙමේ. මේ වැඩේදී දමිත් සහෝ, මිහිර සහෝ සහ ගයාන් සහෝත් උපසිරැසි වලට දායක වෙනවා. ඉතින් මේකට මැජික් එකක් වගේ දවසකින් දෙකකින් හැම එපිසෝඩ් එකකටම සබ් දෙන්න විදියක් නෑ. සැලකිය යුතු කාලයක් යයි. මොකද තව හෙන ගොඩක් එපිසෝඩ් තියෙනවා. මඟ නැවතුනත් මේ කතාව මේ වෙනකම් අරන් ආව උපසිරැසිකරුවන්ටත් ස්තූති වෙන්න ඕනේ. ඉතින් ඉවසීමෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.
ඉතින් මන් තාම මේකේ කලින් කොටස් නරඹලා නෑ. ඒ නිසා කලින් කොටස් වල උනු දේ නම් මට කියන්න විදියක් නෑ. ඒ නිසා මන් අද කොටස ගැන සරලව කියන්නම්.
Disturbing Behavior
2011 ඔක්තෝම්බර් 6 වෙනිදා විකාශනය උනු මෙම කොටසට 8.5ක IMDB අගයක් තියෙනවා. ක්ලවුස්ගේ දෙමුහුන් වැඩේ අසාර්ථක නිසා මායාකාරීව හම්බවෙන්න යනවා. එතකොට මායාකාරී කියන්නේ, කල්වුස්ගේ නංඟි ගාව එයාට ඕන දෙයක් තියෙනවා. ඒක අරන් එන්න කියලා. ඒ නිසා ක්ලවුස්ගේ නංඟිට නැත්නම් රෙබෙකාට පණ දෙනවා. මේ අය එක්ක ස්ටෙෆන්ට තිබ්බ සම්බන්ධයත් පැහැදිලි ඇති. ඒවගේම ඒ කාලේ ක්ලවුස් සහ රෙබෙකා කාට බයේද දිව්වේ කියලා හොයාගන්න ස්ටෙෆන් උත්සහ කරනවා.
ඒ අස්සෙන් ජෙරමිට අවතාර පේන්න ගන්නවා. හැබැයි ඉතින් ලස්සන අවතාර. අපිත් කැමතියි ඒ වගේ අවතාර වලට නම්.
ඒවගේම ඩේමන් සහ ෂෙරිෆ් යනවා කැරොලයින්ගේ තාත්තට පොඩි වැඩක් කරන්න. එයා කැරොලයින්ට කරපු දේ නිසා. ඒත් ඒ වැඩේ හරියන්නේ නෑ.
සැ.යු. :- මෙම ප්‍රසිද්ධ කතා මාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම්, උපසිරැසි කරුවෙක්ට තමන් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවිය වන අප හා එක්වීමට ඔබටත් පුලුවන්…
admin@subz.lk
මම කැමතියි සබ් කරන්න මේකට..
admin@subz.lk ekta msg ekak daanna….
sub ekata thanks saho…..!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
SRT file eka dannakooo sub eka play wenna nana
.sub ekai .idx kiyala file dekak thiyenawane.
E dekama add karanna video ekata
ethakota play wenawa 🙂 🙂
ammo yantham ethi bn sub denawta.ublta man panayanak benala ethi sub dennethi nisa mekata.sry machoooo.thnx sub denawata apahu.complete sub denna.
ඇත්තටම නියමයි. මේ කතාවට සබ් නැති නිසා මේ කතාවට සම්බන්ධ අනිත් කතා ටිකත් මං බලන් නැතුව ඇත ඇරලා තිබ්බේ. එලම එහෙනම් කතාව අවසන් වෙනකන්ස සබ් කරන්න. season 7 ක් 8 ක්ද තියෙනවා නෙද. බලන් ඉන්නවා ඉවර කරනකන් සබ් ගහලා
thanks bro sub ekata
Aththatma godk thanks sub walata