ඔන්න එහෙනම් The Vampire Diaries තුන්වෙනි කතා සමයේ පලවෙනි කොටස අරගෙන ආවා. ඔයාලට පොඩි අමතර දේවල් ටිකක් මං කියන්නම්. ඔයාලා දන්නවනේ The Vampire Diaries සීරියස් එකේ Spin-off එකක් විදිහට The Originals කතා මාලාව බිහි උනා කියලා 2013 වර්ෂයේදී. The Vampire Diaries හතරවෙනි සීසන් එකෙන් පස්සේ ඔරිජිනල්ස් පවුල වටා වෙනම කතාවක් ගෙතෙනවා The Originals කතා මාලාව මගින්. පෞද්ගලිකවම මම The Vampire Diaries කතා මාලාවට වඩා The Originals කතා මාලාවට තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. කොහොම උනත් The Vampire Diaries සීසන් 4 ඉවර උනාට පස්සේ තමා ඔයාලට The Originals සීරියස් එක බලන්න වෙන්නේ. පොඩ්ඩක් ඉවසන්න වෙනවා. ඒ වගේම දැන් වෙනකොට The Originals කතා මාලාව අවසන් වෙලා තියෙන්නේ. සීසන් පහකින් සමන්විතයි. ඒ වගේම තමා The Originals කතා මාලාවේ Spin-off එකක් විදිහට නිකුත් වෙන්න නියමත සීරියස් එකක් තමයි Legacies කියන්නේ. Legacies කතාමාලාව October 25, 2018 දින විකාශය වීමට නියමිතයි. Legacies කතා මාලාවෙදි ඔයාලට බලාගන්න පුළුවන් වෙයි සැල්වටෝර් නිවස. ඒ වෙද්දී මේ හැම දෙයක්ම ගොඩක් වෙනස් වෙලා ඔයාලා නොහිතන විදිහට. මේ තියෙන්නේ Legacies කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පටය. කැමති අයට ගිහිං බලන්න පුළුවන්. ඉතින් මං මේ කියුවේ අමතර දේවල් ටිකක්. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඔයාලට මතක ඇතිනේ තුන්වෙනි කතා සමයේ අන්තිම කොටසේ වෙච්ච දේවල්. සැලසුම් කරපු විදිහට එලයිජා ක්ලවුස්ව මැරුවේ නැහැ. ඒ වගේම ජෝන් මැරුණා. ඒ වගේම ඩේමන් වෙයාවුල්ෆ් හපා කෑමකට ලක් වෙලා ඉන්නේ. ඒ වගේම ඒ විෂ නසන්න බෙහෙතක් නෑ. ඩේමන් මිය යමින් ඉන්නේ. ඩේමන් කරපු මෝඩ වැඩේ නිසා එලේනත් ඩේමන් එක්ක හිත් අවුලින් ඉන්නේ. සහෝදර බැදීම හුගක් ශක්තිමත් දෙයක්. ස්ටෙෆන්ට බෑ තමන්ගේ සහෝදරයට මැරෙන්න දෙන්න. ඉතින් ස්ටෙෆන් බොනීගෙන් උදව් ඉල්ලනවා. එමලි බෙනට් කියන මියගිය මායාකාරියට කතා කරලා උදව් ඉල්ලගන්න කියලා ස්ටෙෆන් බොනීට කියනවා. ඊට පස්සේ බොනී එමලිගේ ආත්මය තමන්ට බන්දනය කරගන්නවා. එතකොට ස්ටෙෆන් එමලි එක්ක කතා කරලා උදව් ඉල්ලනවා එයාගෙන්. ඒත් එමලි කැමති නෑ උදව් කරන්න. පෙනුන විදිහට නම් එමලිට ඕන ඩේමන්ට මැරෙන්න දෙන්න දඩුවමක් විදිහට. බොනී වැම්පයර්ලට උදව් කරන නිසා එමලි දැන් බොනීටත් කැමති නැහැ. අන්තිමේට එමලි නමක් කියනවා. ඒ නම තමා ක්ලවුස්. ඉතින් ස්ටෙෆන් යනවා කැතරින් හිර වෙලා ඉන්න තැනට ක්ලවුස්ව හොයාගන්න. ක්ලවුස් මරුනේ නැති නිසා කැතරින් තාම එතන (ඇලරික්ගේ නිවසේ) හිර වෙලා. ස්ටෙෆනුයි, කැතරිනුයි කතා කර කර ඉද්දි එලයිජා වගේම ක්ලවුස් එතනට ආවා. ක්ලවුස් කලින් එලයිජට පොරොන්දු උනත් ආයමත් එයාලගේ පවුල එක් කරනවා කියලා, ක්ලවුස් ඒ පොරොන්දුව කඩ කරමින් වයිට් අළු මිශ්‍ර කරපු කිනිස්සෙන් එලයිජට ඇන්නා. එලයිජා තාවකාලිකව මැරුණා. ක්ලවුස් කොහොමත් එහෙම වැඩ කරන කෙනෙක්. කොහොමහරි වෙයාවුල්ෆ් විෂ වලට බෙහෙට තමා ක්ලවුස්ගේ ලේ. එතැනදී ක්ලවුස් ස්ටෙෆන්ට ගනුදෙනුවක් යෝජනා කරනවා. යෝජනාව තමා, එයත් එක්ක නගරයෙන් යන්න එන්න ඕන, ඩේමන්ගේ ජිවිතේ බේරගන්න බෙහෙත ඕන නම්. ඔයාලට මතක ඇතිනේ ක්ලවුස් කියුවා එයා ලග වෙනම සැලසුම් කිහිපයක් තියෙනවා කියලා ස්ටෙෆන් ගැන. ඒ සැලසුම් ක්‍රියාවට නංවන්න තමයි ස්ටෙෆන්ව නගරයෙන් අරං යන්න හදන්නේ. ඉතින් ස්ටෙෆන් මේ යෝජනාවට කැමති වෙනවා. ඩේමන්ව බේරගන්න තමන්ගේ මුළු ජිවිත කාලයම කැප කරනවා ක්ලවුස්ට. ඒ අස්සේ ශේරිෆ් ෆොබ්ස් එනවා ඩේමන්ව අල්ලගන්න. ෂෙරිෆ්ගේ ගොන් වැඩ නිසා ස්ටෙෆන් හිර කරපු තැනින් ඩේමන් පැනගන්නවා. ඩේමන්ට දැන් සිහිය අඩුයි. විකාර දේවල් පේන්නේ. වෙයාවුල්ෆ්ගේ විෂ වැම්පයර් කෙනෙක්ට ඇතුල් උනාම එහෙම විකාර පේන එක සාමාන්‍ය දෙයක්. කොහොමින් කොහොම හරි ඩේමන් එලේනව හොයා හොයා අයාලේ ඇවිදිනවා. ජෙරමි හොයාගන්නවා ඩේමන්ව. ඩේමන්ව හොයා හොයා ආපු ෂෙරිෆ් එක පාරටම ඩේමන්ට වෙඩි තියෙනවා. ක්ෂණිකයෙන් ඩේමන් එතනින් මාරු උන නිසා ඒ වෙඩි උණ්ඩය වැදුනේ ජෙරමිට. ජෙරමි ඒ වෙලා මැරුණා. ඒත් බොනීට බැහැ ජෙරමිට මැරෙන්න දෙන්න. ඉතින් ආපහු බොනී මැරුණ මායාකරියන්ගේ උදව්වෙන් හා මායවකගේ බලයෙන් ජෙරමිව ආපහු ජීවිතේට ගෙන්න ගන්නවා. මරණයෙන් අවදි කරවනවා. ඒත් එතැනදී එමලි කුතුහලය දනවන දෙයක් කියනවා බොනීට. ඒ තමා “මේ දේවල් වලට ප්‍රතිවිපාක තියෙනවා” කියලා. ඒක නම් ටිකක් කුතුහලය දනවන දෙයක් තමා. ඒ වගේම අන්තිමට ඔයාලා දැක්කනේ ජෙරමිට කලින් මරුන දෙන්නෙක්ව පෙනුනා කියලා. ඒ තමා විකී සහා ඇනා. අන්න ඕක තමා දෙවැනි සමයේ අවසාන කොටසේ සාරාංශය.
ඉතින් අපි දැන් අද කොටස පැත්තට හැරෙමු. අද එලෙනගේ උපන්දිනය. ඒ වගේම ක්ලවුස් ස්ටෙෆන්ව නගරයෙන් පිටතට අරගෙන යනවා. නගරයෙන් එලියට අරගෙන ගියපු ස්ටෙෆන්ට මොනා වෙලා ඇතිද? ඇයි ක්ලවුස් ස්ටෙෆන්ව අරගෙන ගියේ? මේ දෙන්නා එකතු වෙලා මොනා කරනවා ඇතිද? ඒ වගේම ජෙරමිට දිගටම මරුන ඇනාව වගේම විකීව පේනවා. ඒ ඇයි? ඒකට හේතුව මොකද්ද? ඔය දේවල් වලට උත්තර ඔයාලා මේ කොටස බලලම හොයාගන්න. මේ කොටස නම් කරලා තියෙන්නේ The Birthday නමින්. විකාශය වෙලා තියෙන්නේ September 15, 2011 දින. ලබාගෙන IMDB අගය 8.8ක් තරම් එනවා. එහෙනම් මම ගිහිං එන්නම්. ඊලග කොටසෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය!
The Birthday
Caroline plans a party for Elena’s 18th birthday; Damon and Elena search for Stefan; Klaus and Stefan track a werewolf; Jeremy struggles with visions of ghosts.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය
thnxxxx machooo sabata…….god luck
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය 😃
ELa Ela Borooo ..Godak Thanks ..Digtana Denna … Jaya Wewa
Thanks s3 ekarh patan gaththata , thanks sub ekara 😉😉😉
Thank you soooooooooo much & Good luck!!!!!!!!!!!!!😀👍
thanks dub ekata digatama karanyamu
Sthuthiy digatama sub denna
Sthutiy digatama karagana yamu
the originals kammli. vampire diaries thmi hodam. thankuu sub wlt. digtam krgen ynn. good luck.
එල එල සහෝ දිගටම මේ season ඒකත් දීලා ඉවර කරන්න.
ඉතිරි season වලටත් sub දාන්නකෝ🙄