The Vampire Diaries (2011) [S03 : E03] Sinhala Subtitle
ඔන්න අද ආවා The Vampire Diaries තුන්වැනි කතා සමයේ තුන්වන කොටස. අපි පොඩ්ඩක් කලින් කොටසේ සාරාංශය මතක් කරගෙන ඉමු. ඔයාලා දැක්කනේ රෙගේ උදව්වෙන් ක්ලවුස් දැනගත්තා වෙයාවුල්ෆ් රංචුව ඉන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ස්ටෙෆන් සහා ක්ලවුස් රේ සමග යනවා ටෙනිසී වල කදුකර ප්‍රදේශයකට. එතන ඉන්න වෙයාවුල්ෆ්ලව හයිබ්‍රිඩ්ලා බවට පත් කරන්න. ඒක තමා ක්ලවුස්ගේ සැලැස්ම. ඒ වගේම එලේනා ගොඩක් මහන්සි වෙනවා ස්ටෙෆන්ව හොයාගන්න. ඉතින් කැරොලයින් එලේනට දෙනවා ස්ටෙෆන් ඉන්න තැන ගැන තොරතුරක්. ඒ තොරතුරුවලට අනුව ස්ටෙෆන් ඉන්නේ ටෙනිසී ප්‍රදේශයේ. ඉතින් ටයිලර් වෙයාවුල්ෆ් කෙනෙක් නිසා එලේනා ටයිලර්ගෙන් විස්තර අහනවා. ටයිලර් කියනවා වෙයාවුල්ෆ්ලා පුර හද දවසට ගොඩක් අය රංචුවක් විදිහට එකතු වෙනවා කියලා. ඒ වගේම ටයිලර් හොයලා දෙනවා ස්ටෙෆන් ඉන්න පුළුවන් ප්‍රදේශය. ඉතින් එලේනා රික්ගෙන් උදව් ඉල්ලුවත් ඩේමන්ගෙන් උදව් ඉල්ලන්නේ නැහැ. මොකද ඩේමන් දුක් මුසු මුහුණින් ඉන්න නිසා. ඉතින් රික් වගේම එලේනා යනවා ටෙනිසී වල කදුකර ප්‍රදේශයට ස්ටෙෆන්ව හොයාගෙන. රික් නිකං ඇවිත් නෑ හැබැයි. ඩේමන්ව මේ ගැන දැනුවත් කරලා ඇවිත් තියෙන්නේ. ඉතිං ඩේමනුත් එනවා මේ දෙන්නා පස්සෙන්. කොහොමෙන් කොහොම හරි වෙයාවුල්ෆ් කෙනෙක් වන රේ නැගිටිනවා. ස්ටෙෆන් එයාට මනුස්සයෙක්ගේ ලේ බොන්න දෙනවා රේගේ පරිවර්ථන ක්‍රියාවලිය සම්පුරණ වෙන්න. ඒත් මොකක් හරි වැරද්දක් තිබ්බා එතන. රේගේ ඇස් වලින් ලේ ආවා. එක පාරටම රේ එතනින් පැනලා දිව්වා. ක්ලවුස් කියනවා ස්ටෙෆන්ට ගිහිං රේව අල්ලාගෙන එන්න කියලා. ස්ටෙෆන් රේව අල්ලන්න පස්සෙන් යද්දී රේ ස්ටෙෆන්ව හපනවා. ඔයාලා දන්නවනේ වෙයාවුල්ෆ් කෙනෙක් වැම්පයර් කෙනෙක්ව හැපුවම මොකද්ද වෙන්නේ කියලා. එතකොට ස්ටෙෆන් දකිනවා ඩේමන්, එලේනා හා රික් කදුකරේට ඇවිත් ඉන්නවා. ඒ වගේම රේ පහර දෙන්න එනවා මේ තුන් දෙනාට. මේ තුන්දෙනා රේගෙන් බේරෙන්න දුවද්දී එලේනව ඇදගෙන වැටෙනවා. ඉතින් එලේනව බේරගන්න ඕන නිසා ඩේමන් රේව එයාගේ පස්සෙන් ගෙන්නගන්නවා. අන්තිමේදී රේ ඩේමන්ව හපන්න යද්දී ස්ටෙෆන් ඇවිත් ඩේමන්ව බේරගන්නව. රේගේ හදවත එලියට අරගෙන. ක්ලවුස් අනිත් වෙයාවුල්ෆ්ලටත් අර වැඩේම කරනවා. ඒත් එයාලා හයිබ්‍රිඩ්ලා බවට පත් වෙන්නේ නැහැ. එයාලගේ ඇස් වලින් ලේ එනවා. එයාලා උමතු වෙන්න ගත්තා. ඒ නිසා ක්ලවුස්ට ඒ හැමෝම මරන්න උනා. පස්සේ ස්ටෙෆන් ඇවිත් කියනවා ක්ලවුස්ට “මට එයාව මරන්න උනා. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා.” ඒ අවස්ථාවේ ක්ලවුස් කියනවා එයා ශාපය බිදලා හයිබ්‍රිඩ්ලව හදන්න ඕන කරන හැමදේම කරා කියලා. ක්ලවුස් කියනවා “මම වැම්පයර්ව මැරුවා, මම වෙයාවුල්ෆ්ව මැරුවා, මම දිත්වකාය මැරුවා” කියලා. එතකොටම ක්ලවුස් අමුතු විදිහට ස්ටෙෆන් දිහා බලනවා. ස්ටෙෆන් ටිකක් බයත් වෙනවා රහස අහු වෙයිදෝ කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඇති නේහ්. ක්ලවුස්ට හයිබ්‍රිඩ්ලව හදන්න බැරි දිත්වකාය ජිවතුන් අතර ඉන්න හිංදා. ඒ කියන්නේ හයිබ්‍රිඩ්ලව හදන්න නම් එලේනට මැරෙන්න වෙනවා. ඒ අස්සේ ජෙරමිට මැරුණ වීකිව වගේම ඇනාව පේනවා. විකී කියනවා එඑයාට උදව් කරන්න කියලා. එයාට අපහු ජිවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ආනා කියනවා විකීව විශ්වාස කරන්න එපා කියලා. ඒ අතරේ කැරොලයින්ව මිසිස් ලෝක්වුඩ් අල්ලාගෙන ඉන්නේ. ඒ ගැන එයා කව්දෝ මංදා මිනිහෙක්ටත් කියනවා. ටයිලර් මේ ගැන දැනගන්නවා. ඊට පස්සේ ටයිලර් එයාගේ අම්මට පෙන්නලා දෙනවා එයත් ඇත්තටම මනුෂ්‍යයෙක් කියාලා. රීත්යානුකුලාව වෙයාවුල්ෆ්ලා අමනුෂ්‍යයෝ නෙමේ. මොකද එයාලා ජිවතුන් අතර ඉන්න අය නිසා. කොහොමින් කොහොම හරි මිසිස් ලෝක්වුඩ් කියනවා කැරොලින්ට කිසි දෙයක් වෙන්න දෙන්නේ නෑ කියලා. ඒත් අර මනුස්සයා කැමති වෙන්නේ නෑ කැරොලයින්ව අත අරින්න. ඉතින් ඒ මනුස්සයා යනවා කැරොලයින්ව හිර කරලා තියෙන අදුරු කුටියට. ඒ ඉන්නේ වෙන කව්රුත් නෙමේ. කැරොලයින්ගේ තාත්තා. ඔන්න ඕක තමා ඉතින් කලින් කොටසේ සාරාංශය.
අද කොටස නම් කරලා තියෙන්නේ The End of the Affair ලෙස. විකාශය වෙලා තියෙන්නේ September 29, 2011 දින. ඒ වගේම ලබාගෙන තියෙන IMDB අගය 8.9ක් වෙනවා. අද කොටස ගැන මම වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔයාලම බලන්න. එහෙනම් මීලගට Legacies කතා මාලාවේ දෙවැනි කොටසෙන් හමුවෙමු. එතෙක් ඔබට ජය!
The End of the Affair
Klaus and Stefan meet up with an old acquaintance in Chicago; Damon and Elena follow a tip on Klaus and Stefans’ whereabouts; Tyler talks to Sheriff Forbes about Caroline.
ethuru sub tikath dannakoo plzz
Sub ටිකට තෑන්න්ක්ස් ….
ඉතුරු ටිකත් දෙන්නකෝ ප්ලීස්ස්
Supiri sub tika💥💥
Anith ewatath ikmanata sub denna 😘😘😘
හොද වෙලාවට download කරන්න ඉස්සෙල්ලා sub තියෙනවද කියලා බැලුවෙ 😂
ඉතුරු sub ටිකත් ඉක්මනට දාහන් මචං.. good luck..!!!
S3 ithuru sub tikath ikmanata dannako😥😘😘
Ithuru sub tikath dipanko… please
Okkoma download karam. Inne kollo. Mn hithanne vomments, diri genweem godai dem. Ona karala thiyenawa hungak denkta. Sumb plz. Thanks . Kalin serama dipu hamotama. Meke ithuru tikath karam yamu. S04 wenakmwath
Koo ituru sub tika..plz
සබ් එක නියමයී…….. ජය……… වේවා…….. 👌👌👌
Subz සහෝදරයො ටිකට පට්ට ආදරෙයි ඇහ්😙💞,, ඊලග සබ් ටිකත් දාාගෙන යන්නකෝ සහෝල ටික😙💞💞💕, ලොකු උදව්වක්,, අපි ඔක්කොම subz පෑන්ස්ල😂 ටික එකෙන්ම ඉන්නව ඔයාල එක්ක😙💕, නැවතිච්ච සබ් ටික ආයෙත් පටන්න ගන්න හැමෝටම සුබ පතනව, gool Luck😙💕
thanx bro sub tikata
anith sub tikath one ikmanata