Iljimae (2008) [S01 : E20] Sinhala Subtitle

August 28, 2020 Expert Subtitler

Iljimae
(ඉල්ජිමේ.)

20 වෙනි කොටස- අවසන් කොටස

කොහොමද ඔන්න ඉතින් මං කතාවේ අවසානය අරන් ආවා .
හැම කතාවකම වගේම ඉතින් අවසානයේදී වෙන්න ඕන ප්‍රශ්න විසදිලා අලුත් දේවල් වෙලා ජිවිත වෙනස් වෙලා. අවසානයේ සතුටු අවසානයකින් හරි දුක්කිත අවසානයකින් හරි ඉවර කරනවා . ඒක සාමාන්‍ය දෙයක් ඒ නිසා කතාවේ ගැන විශේෂ යමක් මන් කියන්නේ නැහැ.
ඔයාල හිතන විදියට අවසානය කොහොම වෙයිද ?? සතුටු අවසානයක් ? දුක හිතෙන අවසානයක් ?
කලින් කතාව බලමු අය නම් දන්නවා ඇති. ..

මන් මේ කතාවට සබ් දාන්න ගත්තේ හරියටම ජනවාරි පලවෙනිදා පොස්ට් කරනකොට නම් පරක්කු වෙලා ඇත්තේ.
මං subz.lk වෙනුවෙන් දෙන්න හිතන් හිටිය මගේ bucket ලිස්ට් එකේ එකක් මේක. මේක දෙන්න කලින් කට්ටිය මගෙන් කතාව ඉල්ලලත් තිබුනා. මේක ට සබ් දෙන්න ගත්තා විතරයි මට ගොඩක් හොද දේවල් නරක දේවල් වුනා කියන්න ඕන. කතාව ට දැනටම හරියටම මාස 8යි. මෙච්චර දවස් සබ් දෙන්න හේතු ගොඩක් තියෙනවා.

එකක් මේක දෙන්න ගන්න කොටම kill it ඒ කතාව දුන්න සහෝදරයා කතාව මග නවත්තලා ඒ නිසා අවසානය ටික දෙන්න කියලා adminලත් අපේ රසිකයන් කිහිප දෙනෙක් ඉල්ලුව නිසා ඒකේ ඉතිරු ටිකත් දෙන්න ගත්තා.
ඔය අතරේ මගේ මුල්ම job එක හරි ගියා. ව්හ්හ් ඔය ඔක්කොමත් එක්ක කතාව ගොඩක් busy වෙලා මං කොහොම හරි දීගෙන ආවා. කතාවේ මැදක් වෙනකොට දේවල් අනිත් පැත්ත පෙරලුන කියන්න ඕන.

kill it එකනම් දීලා ඉවර කළා. ඒ අස්සේ ජොබ් එකත් කරදර වගයක් වුනු නිසා මග නැවතුනා. ඒ නිසා මං jobless නිසා කතාව කලින්ට වඩා ඉක්මනට දෙන්න පුළුවන් වුනා. ඒ අස්සේ මං සමාජ ජාලා පාවිච්චි කරන්නේ නැති වුනත් මට ආරංචියක් ආවා මං දාපු කතා සමාජ ජාලා වල නම් ගම් අයින් කරලා එයාලගේ නම් ගම් දාලා පල කරනවා කියලා මුලින් නම් එච්චර ගනන් ගත්තේ නැහැ ගිහින් බලනකොට ඒ කතාව ඇත්ත වගේම මට හොදටම තද වුනා. මුලින් හොදින් පැහැදිලිව කියුවා එහෙම කරන්න එපා කියලා නාහෙක්ටවත් අහන්නේ නැතුව. අනිත් කතාවලට ත් එහෙම කරන්න ගත්තා. ඒ නිසා මං සබ් එක දෙන විදිය වෙනස් කලා.
හොදටම කල කිරුනා වගේම මේ සබ් එක නිසා නොහිතපු වෙනස් කම් ගොඩක් වුනා. සතුටු හිතෙන දේවල් වගේම දුක හිතෙන දේවල් ගොඩක් වුනා.

මේ දේවල් නිසා හිත රිද්ද ගත්ත රසිකයන් ගොඩක් ඇති. මෙතෙක් කල් සබ් ගන්න රසිකයන් අතර අපේ සබ් අරන් විකුණන අය ඉන්නවා කියලා දැනගත්තම හොදටම කල කිරුනා. කොහොම නමුත් එහෙම නැති අයත් ඒ අතර ඉන්න නිසා. ඒ අය වෙනුවෙන් සබ් එක දිගටම අරන් ආවා.
හිත රිදුන රසිකයින් වගේම මාත් එක්ක අන්තිම වෙනකන් හිටිය අපේ රසිකයන් ට ගොඩක් ස්තුතියි. ඔයාලා නිසා මෙච්චර දුරක් ආවා. 100 වෙනි කඩ ඉමත් පහු කරන්න පුළුවන් වුනා.
(සබ් එක idx වලින් දීලා තියෙන්නේ ඒ විදියට බලන්න බැරි අයට online බලන්න පුළුවන් වෙන්න දාගෙන යන ගමන් ඉන්නේ. එයාලට කතාව online බලන්න පුළුවන්.)

මේ සබ් එක නිසාම අපේ subz.lk සමාජිකයන් සමගත් බැදීම වැඩි වුනා කියන්න ඕන. ඒ වගේම නොහිතු විදියට මාව modarate දැන් co- admin කරල. ඒ ගැන නම් හීනෙකින වත් හිතුවේ නැහැ. (බොහොම ස්තුතියි. subz.lk කාර්යමඩුල්ලට. ) ඒ වගේම මේ ප්‍රශ්න වලදී හැම නිතරම black knight කෙනෙක් වගේ පෙනී හිටිය අපේ දමිත් සහෝදරයට බොහොම ස්තුතියි.

site එකේත් ගොඩක් වෙනස් කම් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් කම් රසවිදිමින් අපිට අලුත් සහෝදරියෝ ටිකක් එකතු වෙලා ඉන්නවා. එයාලගේ සබ් හොදයි වගේම ඒ කතාත් ලස්සනයි ඒ වත් නරබන්න කියලා ආරාධානා කරන අතරේ korean ම විතරක් බලන්නේ නැතුව තව අපේ අනිත් සහෝදරයන් දාලා තියෙන english tv series සුත් මාරු වෙන් මාරුවට බලන්න කියලා ඉල්ලමින්.
තව korean විතරක් බලන අයට අනිත් රටාවල් වල කතාත් english කතා බලන අයට අපේ korean කතා බලලාත් ජීවිතේට යමක් ගන්න කියලා ඉල්ලනවා.

මේ කතාව ගැන කියන වනම් කතාවේ මං පුද්ගලිකවම ආසම චරිතය යොන්ගි ඇරෙන්න යොන්ගි ගේ තාත්තා සේ ඩොලී . මේ දෙන්නා කතාව ගොඩක් රසවත් විනෝද වුනා වගේම කතාවේ සේ ඩොලී නැති වෙනකොට කතාව හරිම පාලු වුනා වගේ දැනුනා. ඔයාලත් එහෙමද ?

 

 

කතාවේ ඊළගට හොදම කොන්දල් ඔහු යොන්ගි නැත්නම් ඉල්ජිමේ ගේ ගුරුවරයා.

 

ඊලගට බොන් සුනී .. කවුද කියලා දන්නවා නේද මේ ..

මං කතාව පටන් ගන්න කොටම කියුවා ඉල්ජිමෙට නම් තුනක් තියෙන්නේ ඇයි කියලා. කතාව බැලුවම තේරෙයි කියලා.

 ( ඉයුන් චේ    -ග්යෝමා කුඩා දවස් )

 (යොන්ගි)

( ඉල්ජිමේ )

ඉල්ජිමෙට නම් වගෙමේ තාත්තලා ත් දෙන්නයි අම්මලත් දෙන්නයි. ඇත්තටම ඔක්කොම එකට ඉන්න පුළුවන් වුනා නම් ආදරයත් ගොඩක් යි නේද?

 “මට තාත්තලා දෙන්නෙක් ඉන්නවා.”

“ලෝකයේ නිවැරදි දේවල් කියලා දුන්නු තාත්තයි .”

  “මෝඩයෙක් වගේ මාව ආරක්ෂා කරලා”

 “ජිවිතේ කැප කල තාත්තා.”

කතාවේ අනුකම්පා සහගතම චරිතය .. කතාව පටන් ගත් වෙලේ ඉදන් තත්තාලා මාරු වෙන චරිතය.. ඇත්තටම දුක හිතෙන චරිතයක් ශි හෝ .. ඉල්ජිමේ වගේම දුක් විදිපු චරිතයක්..

      (ශි හෝ නැත්නම් ජා  ඩොලා )

මෙතන ගොඩක් ම දුක ශි හෝ ද ශි හෝ ගේ අම්මා ඩනි ද එක එක අය එක එක විදියට තීරණය කරයි. කොහොම නමුත් දෙන්නම පව්..
ඩනී ගැන කියුවොත් සැමියා වැඩි කල් ඉන්න ඉරණමක් එයාට නැහැ …

“බොහෝ වැසියන්ග් ගේ කැමැත්ත ලබන”
“උණුසුම්”
“හදවතින් පතන සූර්යයා..ලෙස පේනවා”

මේ වදන් මතකයි නේද ? මේ වදන් නිසා ජිවිත බොහෝ ගනනක් අහිමි වුන වගේම ඒ නිසා ඉල්ජිමේ බිහි වුනා කියලා හිතෙන්නේ නැද්ද ?
බොන් සුනී ගේ ඇත්ත තාත්තා මේ වදන් කියුවේ නැත්නම් ඉල්ජිමේ කෙනෙක් බිහි වෙයිද කතාව මේ විදියට සිදු වෙයිද ?
ඉරණම වෙනස් කරන්න ගිය රජතුමා අන්තිමට ඒ ඉරණමට පාර කපලා දුන්නු වැඩක් වුනේ.
මං කතාව පටන් ගන්න කොට දුන්නු වදන් වලින් කතාව අවසන් කරන්නම්.

“මේ ලෝකයේ”
“මට සොරකම් කරන්න බැරි දෙයක් නැහැ.”
“මං”
“ඉල්ජිමේ නිසා”
ඉතින් මෙතක් දවසක් අපි සමග ඉවසීමෙන් රැදී සිටි ඔබ සැමට බොහොම ස්තුතියි!

අද කතාව
නම තමයි ” නැවත පැමිනුන ඉල්ජිමේ “

බුදු සරණයි !

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (29)
  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 84

    උපසිරැසිය දෙන්න ගොඩක් කල් ගියත් ඉවර වෙනකන්ම දුන්නට බොහොම ස්තූතියි! මට හිතෙන විදිහට නම් මේ කතාවනම් අක්ක සබ් දාපු කතා වලින් තිබ්බ ලස්සනම කතාව.ඔක්කොටම වඩා අක්ක කතාවේ සාරාංශය ලියන විදිහත් නියමයි. කියවන්නත් ආස හිතෙනවා.ඒ වගේම co-admin කෙනෙක් වුන එකටත් සුභ පැතුම්! තව හොඳ හොඳ කතාවලට සබ් දාන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      thanx dear.:heart_eyes::heart_eyes:

    • mnj Unregistered
      Windows 10 Chrome 92

      the return of iljimae subtitl please

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 84

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      thanx.comment ekata.:star_struck::star_struck:

  • Piyumal Unregistered
    Linux Chrome 75

    Thanks :heart::heart::heart:

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      comment ekata thanx.:star_struck:

  • Imasha Unregistered
    Android 5.1 Chrome 50

    Godak thnx sub ekta

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      thanx anthima wenknma apith ekka hitiyata. sub denna parkku wunata sory. methek kal dunnu oyage dirimath kirim walta thanx.hode.:heart_eyes:

  • Imasha Unregistered
    Android 5.1 Chrome 50

    Oyamada season ticket page ekata iljimae link eka damme?

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      naha eke iljimea dalada eyala.

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84

      eyala thamyi mageyi ape anith sahodariyangeyi katha eyalage wage pala karnne. mn mechchara dawasak namak gamak kiynne nathuwa pahadiliwa kiuwa nawaththanna kiylaa hodin kiyuwata ahnne naha . dewal dekai karnna thiyenne. ekko mn sub dana eka nwath wanawa nathnm eyala eka nwath thanakan passen ynna wenawa. asadarana widiyata anunge sub dannenathuwa eyalama sub hadala pala kalanm mehema api kaghanne nha ne. asadarana wada kawada wenakan raja karayi da kiyla bln inne.

      oya me gana kiyuwata godak sthuthyi. kathawa baluwatath comment dala dirimath kalatath godak sthuthyi.

    • Imasha Unregistered
      Android 5.1 Chrome 50

      Ada dala thiyenne eyalath oya kotas tika okkoma danakn thamai unuth idala thiyenne:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    • anjula Unregistered
      Windows 7 Chrome 87

      ishi 11 idala sub ganna bane

  • visanka Unregistered
    Windows 10 Opera 70

    thank u okkoma dunnata..asama drama ekak!

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      comment ekata thanx.:star_struck:

  • ප්‍රසාද් Unregistered
    Android 8 Chrome 85

    බොහොම ස්තුතියි පුළුවන් නම් iljimae S02 වලටත් Sub දෙන්න :grin::grin::grin:

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 85

    comment ekats thanx. :yum:

  • Dj covid Unregistered
    Android 9 Yandex Browser 19.6

    එල කොල්ලෙක් හොදෙ…..

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      :yum::yum:

  • Ramilka Unregistered
    Windows 10 Chrome 85

    ඔක්කොම Episodes දුන්නට Thanks
    The Return of Iljimae එකටත් ඔහොම්මම Sub ඉක්මනට දෙන්නකො

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      deweni eka denwa. bt danma denwada kiyla thiranaya karla na. balmu.

  • Malith Sandeepa User
    Android 8.1 Chrome 83

    උපසිරැසි වලට බොහෝම ස්තුතියි❤
    සයිට් එකේ සබ් ගැහුවා කියලා පුලුවන්නම් FB Group වල එහෙම දානවනම් හොදයි මේවගෙ සබ් එනවා කියලා දැනගන්න විදිහක් නෑ හරියටම. Fb එකේ ශෙයාර් කරානම් මීට වඩා සබ් ගන්න පිරිස වැඩිවෙයි

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85

      fb wala share karnna bari kattiya ape vedio arn edit karla danwa. oyata sub update ekak dangna ona nm site eke kone thiyena notification eka dagaththanm hari.
      fb ekta share karna eka gana api blnnm.yam deyk karnna.oyala wenuwen.
      oyage comment ekatath adahasatath bohoma sthuthiyi.:yum:

    • Malith Sandeepa User
      Android 8.1 Chrome 83

      මටනම් එහෙම කරලා දැනගන්න පුලුවන් ඒත් මේකට සබ් දීලා කියලා දන්නෙ නැති පිරිසක් ඉන්නවනේ ඒ අයටත් දැනගන්න තමයි එහෙම කරන්න කිව්වෙ

  • kalana sudeepa Unregistered
    Windows 10 Chrome 87

    The Return of Iljimae මේකෙ සබ් එකත් දාන්නකෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search