The K2 [S01 : E14] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න එහෙමනම් 14 වෙනි කොටසත් ටිකක් ඉක්මනට අරන් එන්න පුළුවන් උනා.තව කොටස් දෙකයිනෙ තියෙන්නෙ.ඒ කොටස් දෙකත් ඉක්මනටම දෙන්නම්.හරි එහෙනම් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට යමු.ඔන්න කොහොම හරි ජැන් සේ ජුන් බොරු ගොඩක් කියල එයාට එල්ල වුන චෝදනා වලින් ඇග බේර ගත්තනෙ.හැබැයි ඇනා නම් එයාගෙ තාත්ත කීව දේවල් ගැන ගොඩක් තරහෙන් ඉන්නෙ.ඔය අතරෙනෙ චෝයි යූ ජින්’ටත් අසනීප වෙන්නෙ.ඒවගේම දැන් කිම් ජේ හාගෙයි අනිත් අයගෙයි ලොකු අවධාන තියෙන්නෙ පාර්ක් ක්වාන් සෝව වැරදි කරුවෙක් කරන්න පුළුවන් තොරතුරු තියෙන මෙමරි කාඩ් එකක් ගැන.මේක ඉසරලම ඇදල ගන්නෙ කිම් ජේ හා තමයි.මේක නිසා ගොඩක් අය දැන් කලබල වෙලා ඉන්නෙ.අනික මේ රහස් තොරතුරු තියෙන්නෙ වත්මන් ජනාධිපතිතුමාගෙ පුතා ලග.ඔය සිද්දි ටික විශේෂෙන්ම උනේ.
ඔන්න අද කොටසෙදි ඔය මෙමරි කාඩ් එක ජනාධිපතිතුමාගෙ පුතාගෙන් ගන්න කිම් ජේ හා ලොකු ගේමක් දෙනව.ඒ අතරෙ ඔහිට වෙඩි වදිනව.මන් වැඩිය ඒ ගැන කියන්න ගිහින් කතාවෙ රහ නැති කරන්න යන්නෙ නෑ.ඒ වගේම අද කොටසෙදි ලොකු දේශපාලන වෙනස් වීම් ටිකකුත් යනව.ඒ අතරෙ පාර්ක් ක්වාන් සෝයි,චෙයාමන් චොයි’යි එකතු වෙලා වැඩ කරනව චෝයි යූ ජින්ව පරද්දල Cloud Nine එක අල්ල ගන්නයි,චොයි යූ ජින්’ව පරද්දන්නයි.හැබැයි පාර්ක් ක්වාන් සෝ ගෙ අරමුනවෙලා තියෙන්නෙ නැති උන මෙමරි කාඩ් එක ගන්න.හරි එහෙනම් කතාව ඇති,ඊළග කොටසත් මේ වගේ ඉක්මනට ගේන්න බලාපොරොත්තු වෙනව.එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න…
හැමෝටම තෙරුවන් සරණයි!!!
ela ela thawa 2i…..ekmata oneeeeeeeee..thanks machan]
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
thanks
Thankss Sahoooo
Sub eakat godak thanks saho