ඔන්න එහෙනම් අද ගෙනාව The Vampire Diaries දෙවැනි කතා සමයේ විසි එක්වැනි කොටස. තව එක කොටසකින් දෙවැනි කතා සමය අවසන් වෙනවා. කලින් කොටසේ දේවල් මතක ඇති නේ. ක්ලවුස් එයාගේ ඇත්තම ශරීරයට ආවා. ඒ වගේම එලයිජා පොරොන්දු උනා ක්ලවුස්ව මරන්න උදව් කරනවා වගේම එලේනගේ ජිවිතේ බේරලා දෙනවා. එයාලට සැලැස්මක් තිබ්බා. ඒ සැලස්මට අනුව එලේනට මැරෙන්න වෙනවා. එලයිජා ලග තිබ්බා අවුරුදු පන්සියකට කලින් හොයාගත්තු බෙහෙතක්. එලයිජා කියුව විදිහට නම් ඒ බෙහෙතෙන් එලේනා මැරුණත්, ආපහු ජිවිතයට එනවා. හැමෝම මේ සැලස්මට එකග උනා. ඒත් ඩේමන් කැමති උනේ නැහැ. මොකද ඩේමන්ට එලයිජව විශ්වාස නැහැ. ඒ නිසා ඩේමන් එලේනට එයාගේ වැම්පයර් ලේ පොවනවා. මතක ඇතිනේ ඩේමන් කියනවා “ඔයා ආපහු ජීවිතේට එයි කියලා මං දන්නා එකම ක්‍රමේ මේක” කියලා. ඒ නිසාම ස්ටෙෆනුයි ඩේමනුයි වලියකුත් යනවා. දැන් එලේනා මැරුනාම ආපහු ජීවිතේට එන්නේ වැම්පයර් කෙනෙක් විදිහට. ඩේමන්ට පස්සේ තමා තේරෙන්නේ කරේ ගොන් වැඩක් කියලා. ඒ වගේම ශාපය බිදින්න වැම්පයර් කෙනෙක් වගේම වේයවුල්ෆ් කෙනෙක් ඕන කරනවා ක්ලවුස්ට. ඒ නිසාම ටයිලර්ගේ අම්මා ලවා ටයිලර්ව මිස්ටික් ෆෝල්ස් වලට ගෙන්න ගන්නවා ක්ලවුස්. ඊට පස්සේ වැම්පයර් කෙනෙක් ඕන නිසා කරෝලයින්ව පැහැර ගන්නවා වගේම ටයිලර්වත් පැහැර ගන්නවා. ඩේමන් කරපු ගොන් වැඩේ නිසාම එලේනා වැම්පයර් කෙනෙක් වෙන්න යන්නේ. ඉතින් ඩේමන්ට ඕන දැන් මේ බිලිපුජාව ටිකක් කල් දාන්න. ඒ නිසා ඩේමන් හිතනවා ක්ලවුස්ගේ වෙයාවුල්ෆ්වයි, වැම්පයර්වයි හොයාගත්තොත් මේක පස්සට දාන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඩේමන් මේ දෙන්නව බේරගන්න අතර තුර එතන්ට මැට් එනවා. එතකොට කැරොලින්ට හැමදේම තේරෙනවා. එදා පුර හද දවසක් නිසා ටයිලර් වෙයාවුල්ෆ් කෙනක් බවට පත් වෙන්න යන්නේ. එතර තුර ටයිලර් කැරොලයින්ව හපා කන්න පනිද්දිම ඩේමන් මැද්දට පැනලා කැරොලින්ව බේරගන්නව. ඒත් අවාසනාවන්ත සිද්දිය කියන්නේ, ටයිලර් ඩේමන්වහපනවා. ඔයාලා දන්නවනේ වෙයාවුල්ෆ් කෙනෙක් වැම්පයර් කෙනෙක්ව හැපුවම මොකද වෙන්නේ කියල? ඊට පස්සේ ඩේමන්වැඩකාරයා වගේ ගිහිං කියනවා ක්ලවුස්ට මම ඔයාගේ වැම්පයර්වයි, වෙයාවුල්ෆ්වයි බේරාගත්තා කියලා. ඒත් ක්ලවුස් අමතර වෙයවුල්ෆ් කෙනෙක්ව තියාගෙන ඉදලා. ඒ තමා ජුල්ස්. ක්ලවුස් දැන් එයාගේ වැම්පයර් විදිහට පාවිච්චි කරන්න හදන්නේ ජෙනාව. ඒ ඩේමන් කරපු වැඩේට දඩුවමක් විදිහට. ඔයාලට මතක ඇතිනේ කැතරින් කියුවා ක්ලවුස් එයා ලවා ජෙනාව ගෙදරින් එලියට අරගෙන පැහැරගත්තා කියලා. ඕක තමා ඉතින් කලින් කොටසේ සාරාංශය.
අද කොටසේ තමා ඉතින් හොදම හරිය. අද තමා පුර හද දවස. ඉතින් වෙන්න තියෙන හැමදෙයම වෙන්නේ අද. ඒ නිසාම මම මුකුත් කියන්න යන්නේ නැහැ. ඔයාලම බලන්න මොකද වෙන්නේ කියලා. ජෙනා මැරෙයිද? ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් වෙයිද? කොහොමද මේ ශාපේ බිදින්නේ? එලේනා මැරෙයිද? නැත්තම් බේරෙයිද? සැලැස්මේ විදිහට එලයිජා ක්ලවුස්ව මරයිද? වෙයවුල්ෆ් හපා කෑමකට ලක් උන ඩේමන්ට මොනා වෙයිද? මේ ඔක්කොමට උත්තර ඔයාලම හොයාගන්න.
අද කොටස නම් කරලා තියෙන්නේ The Sun Also Rises කියලා. ඒ වගේම විකාශය වෙලා තියෙන්නේ May 5, 2011 දින. ඒ වගේම ලබාගෙන තියෙන IMDB අගය 9.0ක් තරම් වෙනවා. එහෙනම් මම ගිහිං එන්නම්. මම ඔයාලගෙන් කමෙන්ට් දාන්න කියලා නම් ඉල්ලන්නේ නැහැ. මොකද ඔයාලා කමෙන්ට් දාන්නේ නෑනේ. ඒ තරම්ම ආර්තමාර්ථකාමී පිරිසක් ඔයාලා. සබ් එක ලැබුන නම් ඒ ඇති. එහෙනම් ඊලග කොටසෙන් හම්බෙමු. එතෙක් ඔයාලාට ජය!
The Sun Also Rises
At the occurrence of a full moon, Elena prepares for whatever Klaus has planned; Tyler faces his second transformation; Damon tells Stefan the truth about a terrible development they must face.
Elama saho. Digatama demu…
Season 3 ekath one saho..thanx sub ekta
ස්තුතියි සහෝ සබ් එකට.
Thanks machooo sub ekata ,,, nawaththanna epa digatama karamu
thanks yalu sub ekata
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි 😃
උපසිරැසියට බොහොම ස්තුතිය. ජය වේවා
උපසිරසියට ස්තුතියි සහෝ…
Thanks for this great job
Thanks kolla
thanks bro sub ekata :thumbsup: