The Vampire Diaries (2009) [S01 : E09] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හැමකෙනෙක්ටම. සියලු දෙනාටම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරන අතරම, මතකද මං කලින් උපසිරැසියෙදි කිව්වනෙ TV සීරීස් එකක් බාරවෙලා තියන බව.කලින් අපේ අඩවියෙන් මේකෙ කොටස් 8ක් දීල තියනවා, මම අද අරගෙන එන්නෙ ඒකෙ 9වෙනි කොටස. දැන් ගොඩක් අය දන්නවා TV සීරීස් එක මොකද්ද කියල, මේ තමයි The Vampire Diaries. ලොවපුරා අති විශාල ජනප්‍රියත්වයක් දිනාගත්ත මේ කතාමාලාව ගැන මම අමුතුවෙන් ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නෑය කියල මම හිතනවා. මට බාරවෙලා තියෙන්නෙ මේකෙ පළමු සීසන් එක. ඒ වගේම තවත් අය එකතු කරගෙන මේ මුළු කතාමාලාවම බොහොම ඉක්මනින් ඕගොල්ලො අතරට අරගෙන එන්නත් අපේ ඇඩ්මින් මණ්ඩලයේ අදහසක් තියනවා.
8 වෙනි කොටස ඕගොල්ලො අතට ලැබිල දැන් සෑහෙන කාලයක් ගිහින් නිසා මම පොඩ්ඩක් 8 වෙනි කොටස මතක් කරල ඉන්නම්, එතකොට පොඩි අමතක වීමක් වගේ තිබුණොත් ඒකත් මග අරවගෙන කතාවට ආයිත් එකතු වෙන්න පහසු නිසා. ස්ටෙෆන්ගෙ උපන්දිනය දවසෙ ඔහුව මුණගැහෙන්න එනවා පරණම පරණ මිතුරියක්, ඒ තමයි ලෙක්සි. හැලොවීන් දිනයේ වුණ සිදුවීම් නිසා හිත් තැවුලෙන් ඉන්න එලේනා පුළුවන් තරම් උත්සාහ කරනවා ස්ටෙෆන්ගෙන් ඈත් වෙලා ඉන්න. නමුත් ලෙක්සි ඇයට යම් උපදෙස් ටිකක් දෙනවා ඒක මග අරවගන්න. ඔය අතරෙ විකීගෙ අතුරුදන්වීමත් එක්ක වෙන ජේමිගේ පුදුමාකාර වෙනස්වීම ඔහුගේ නැන්දාවන ජෙනාට ලොකු පුදුමයක්. හැබැයි ඒකට හේතුව ජෙරමිගෙ සහෝදරිය එලේනා වගේම කතාව නරඹපු ඕගොල්ලොත් හොඳින් දන්නවා, එනම් ඩේමන් තම චිත්ත ශක්තිය යොදාගෙන විකීට වූ සිදුවීම ජෙරමිගේ මතකයෙන් මකාදාපු එක නිසයි මේ වෙනස සිදුවුණේ කියල.
ඔය අතරේ ඩේමන් යනවනෙ බොනීගෙ පරම්පරාව සතුව තියන පලිඟු මාලයක් පස්සෙ. ඒක ආපහු ලබාගන්න ඔහු උදවු ගන්නෙ කැරොලින්ගෙන්. ඩේමන්ගෙ බලකිරීම නිසාම කැරොලින් උත්සාහ කරනවා මේ පලිඟුව නැවතත් ලබාගන්න. මතකනෙ ස්ටෙෆන් ලේ නොබිව්වට ඩේමන් එහෙම නෑ, ඩේමන් නගරය පුරා සිටිනවුන් තමන්ගේ ගොදුරු කරගනිමින් තමයි ඉන්නෙ. මේ නිසා ෂෙරීෆ් ෆෝබ්ස් ඇතුළු වැම්පයර දඩයම්කාර රහස් සංවිධානෙ මේකට වගකිවයුත්තා හොය හොය ඉන්නෙ. මේ නිසා ඩේමන් කරන්නෙ මේ ලේ බොන කෙනාව අල්ලල දෙන්න උදවු කරන්න තමන්ට පුළුවන් කියල ෆෝබ්ස්ට කියන එක. සැබෑ ලේ බොන්නා ඩේමන් බව නොදන්න ෆෝබ්ස් එකඟ වෙනවා ඩේමන්ගෙ උදවු ගන්න. අවසානයේදී ඩේමන් කපටිකමෙන් ලෙක්සිව වරදකාරිය කරල ඇයව මරල දානවා. ඔන්න ඔතනින් තමයි 8 වෙනි කොටස අවසන් වෙන්නෙ.. අද එතැන් සිට… එහෙනම් මං ගියා …හමුවෙමු ඊලඟ කොටසෙන්….
පිටපත:- සම්පූර්ණ පළමු සීසන් එකේම ඩිරෙක්ට් ලින්ක් එකක් දීල තියෙන්නෙ. එතනින් අදාළ කොටස ඩවුන්ලෝඩ් කරගන්න.
එලම?? ගින්දරවගේ පටන් අරන් තියෙන්නෙ?
උපසිරැසියට තුති සසහෝදරයා
ඔබට ජය???
බොහොම ස්තූතියි, පසිඳු 🙂
ජයමවේවා ඔහොම යන්
බොහොම ස්තූතියි, දිනේෂ් 🙂
Niyamai saho..
බොහොම ස්තූතියි, සඳුන් 🙂
බොහෝම ස්තුතියි අපිට බලන්න මේ වගේ සුපිරි ටීවී සීරියස් අරගෙන එනවට .
බොහොම ස්තූතියි, කාවින්ද 🙂
බලාගෙන ඉදියේ මේකට සබ් එක දෙනකම් !! තැන්ක්ස්
එල සහෝ දිගටම දෙන්න
බොහොම ස්තූතියි, කුෂාණි 🙂
trnx bro okata sub enakan hitiye . anith tikath digatama karagena yamu
බොහොම ස්තූතියි, කසුන් 🙂
ela ela sahoo
බොහොම ස්තූතියි, jhon snow 🙂
Thanks sub ekata
බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂
apo make season 8 wala wage sub ana kota api haramitan thamai balanna wanne
Oh ,Dont worry, Sanju . We’ll finish it, before you got old ?
sira kathava bro
බොහොම ස්තූතියි, පවන් 🙂
ado digatama diyan bn oka man asama ekak ela sahoo ubata jaya wewa magadinam nawaththana epa….
බයවෙන්න එපා, දනූ. ඉවරකරලම තමයි නවතින්නෙ.
budu ammo thnxx sabata mcnn.plz mulu season ekatama sub diyan..jaya wewa….
අනිවාර්යයෙන්ම දෙනවා. බොහොම ස්තූතියි 🙂