The King Loves (2017) [S01 : E08] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය)
මේ පාර The king loves හි 8 වෙනි කොටස ගෙන්න ගොඩක් පරක්කු වුනා වගේ.නේද මේ අවුරුද්දත් ඉවර වෙන්න දවස් තුනයි තියෙන්නේ .දෙසැම්බර් මාසේ අග නිසා වැඩ ටිකක් වැඩි වුනා sub එක දෙන්න පරක්කු වුනාට සමාව ඉල්ලනවා වගේම ඒ කියලා තේරුම් ගනී කියලා හිතනවා.මේ කොටසේදී නම් සෝහා කුමාරයාවත් ඔහුගෙ මිතුරවත් සොයාන් යනවා.කුමාරයා හා මිතුරා සමග එකතු වෙලා සොහාද රජතුමා ට තුවාල කරන්න හදපු කෙනාව සොයන්න මෙහෙයුම
අරම්ඹ කරනවා.ෂර්ලොක් හොම්ස් කියවලා තියෙනවා අය ඉන්නවා ඇති නේද ඔයාලට ඒ පොතේ හිටිය පොඩි කල්ලියක් ව මතක් වෙයි මේ කොටස බලනකොට ෂර්ලොක් හොම්ස් ට හිටියා තොරතුරු සොයා දෙන පොඩි කල්ලියක් පොඩි විදි ළමයි කට්ටියක් ෂර්ලොක් හොම්ස් දෙයක් හොයා ගන්න ඕන වුනාම ඔවුන්ට කියලා තමයි සොයා ගන්නේ කට කතා ඕපාදුප පුද්ගලයන්ව වගේ දේවල් මොකද දුප්පත් පොඩි ලමයින් ගැන මිනිස්සු සැක නොකරන නිසා.ඒ වගේ පොඩි කල්ලියක් මේ කතාවෙත් කුමාරයට ඉන්නවා.. ඒ කොටසේදී නම් මට ෂර්ලොක් හොම්ස් ගේ පොඩි විදි ළමයි කල්ලිය මතක් වුනා ..ඉතින් ඔයලාටත් කියන්න ඕන කියලා හිතුවා …
සෝහා ඇයව සැක කළ රින් ට මෙසේ කියනවා .
” ඒ මනුස්සයා”
“අවුරුදු 7කට කලින්”
“අපේ මැතිනියව මරලා දැම්ම මනුස්සයා “
සෝන්ග් ඉන් එනම් හතුරා කියුවම මතක් වෙයි කවුද කියලා ඔහු ඔහුගෙ ගොලයාව කුමාරයා ගැන ඔත්තු බලන්න යොදනවා .ඒ නිසා ඔහු දැන ගන්නවා සොහාත් ඔවුන් එක්ක ඉන්න බව.මොහු කුමාරයාට තව උගුලක් අටවන්න සැලසුමක් දියත් කරනවා ඒ මොකක්ද කියලත් ඒ නිසා කී දෙනෙක් අමාරුවේ වැටෙයි ද කියලත් බලන්න.මේ කොටසේදී සෝහා ට මත්පැන් නිසා බිලා වැඩි වෙලා පරණ මතක අවදි කරනවා ඇයගේ හිතේ තියෙන ඔක්කොම කියලා දානවා.අවුරුදු 7 කට කලින් සිදු වුනු සිදුවීම ඇදිලා එනවා .. එතැනදී මගේ අදහසනම් කුමාරයා බේරගන්න නිලධාරින්ට කතා කලානම් නැත්තන් සෝහා ගේ පවුලට කලින්ම අනතුරු ඇගෙව්වනම් ඒ ඛේදවාචකය සිදු නොවෙන්න තිබ්බා .. හැබැයි එහෙම වුනානම් කුමාරයට සෝහාව මේ තරම් ලගින් ආශ්‍රය කරන්න වෙන්නෙත් නැ.කෙනෙක් ගේ ජිවිතේ දෙයක් නැති වෙන්නෙත් ලැබෙන්නත් හේතුවක් ඇතුව කියනවනේ.ජිවිතේ ගොඩක් දුකම දෙයක් වුනානම් ඒ කට හරියන්න හොද දෙයක් කවදා හරි ලැබෙනවා ..
ඒක තමයි ජිවිතේ කියන්නේ.ඉතින් මං පොඩි දෙයක් කියුවා.කුමාරයා සෝහා නිදන් ඉන්නවා බලන් ඉදලා රින් ට කියනවා/
” මේ ළමයා”
“අඩනවා.”
ඊලග කොටසින් නැවත ඉක්මනට හමු වෙමු .ඔබට ස්තුතියි!
අම්මෝ ඇති යන්තම් .බලාගෙන ඉඳලා බැරිම තැන english sub එක්ක බැලුවා .ඔන්න ඔහේ ආපහු සිංහල සබ් එක්කත් බලනවා.😂😂😂😂🤣🤣 .
බොහොම ස්තුතියි මේක බලන්න ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ .
sorry hode parakku unaata …
Thank you sub ekata… Awlak na digatama sub demu Jaya wewa!! BS!
Tnx yalu sub ekata . Suba nawa wasarak wewa oba athulu subz lk yahaluwanta.
බොහොම ස්තුතියි ඔබට. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා !!
සබට තෑන්ක්ස් සිස්!
thank you for sub
සබට ස්තුතියි සහෝදරිය.