The King Loves (2017) [S01 : E09] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
2018 වසරද අවසන් වි 2019 නව වසර වූදා උනා .. මේ ලැබූ වා වූ නව වසරේ පරණ අත්දැකීම් වැරදීම් ජයග්‍රහණ අමතක නොකර ඒ අත්දැකීම් වලින් ජීවිතය ගොඩ නාගා ගෙන මේ බලන කතා වලින් ජිවිතයට අවශ්‍ය දැනුම අත්දැකීම් අරන් ජීවිතය සාර්ථක කරගන්න ලැබේවායි පතමින්.subz.lk admin ලටද sub දාන සහෝදටරයන්ටද ඒ වගේම නිරතුරුවම
අපේ sub බාගත කරමින් comment වලින් අපිව දිරිමත් කරමින් අපිත් සමග රැදී සිටින ඔයාලටද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! කියලා පතනවා ..
9 වෙනි කොටස The king loves. හි.. මේ කොටසේ නම් පටන්ගත් වෙලේ ඉදන්ම හොද සිදුවීම් වලින් පිරිච්චර කොටසක්.යුවරජු ට ඔහු ට මේ ලෝකෙන්ම වටින එකම එක කෙනෙක් ඉන්නවා මිතුරෙක් .. රින් නමුත් දැන් ඒ එක්කෙනා දෙන්නා වෙලා සෝහා ත් වන් රින් වගේම යුවරජුට වටිනා කෙනෙක් වෙලා.යුවරජුව කොටු කරන්න හදන හතුරා සෝන්ග් ඉන් ගේ අලුත් උගුල සෝහාව ඇමක් විදියටඅරන් යුවරජුව කොටු කිරීම .සෝහා සාක්ෂි කරුවන් මැරුණ තැන ඉදන් ඒ වෙලේම අත්තඩංගුවට ගන්නවා .. ඒ තැනේදී සෝහා කොහොම ද අහුවෙන්නේ ඇත්තටම සෝහා ඔවුන්ව මැරුවද කියලා ඔයාලම බලන්න.මේ ගැන දැනගන්න යුවරජුත් වන් රින්නුත් කෙසේ හැසිරෙයිද
” පියාණනි ඉක්මනට ප්‍රශ්න කිරීම නවත්තන්න .
කරුණාකරලා
ඉපිදිලා මුල්වතාවට
මං ගැණුළමයෙක්ට කැමති වුනා “
යුවරජු මෙසේ රජුට පවසන කොට
” මමයි නියෝග කළේ
මැරුණු අයව ඒ ගෙදරට එක්ක ගියෙත් මං
මේ කෙනාට ඒ ගෙදරට යන්න කියුවෙත් මං
“මේ මගේ කාන්තාවයි”
රින් මෙසේ කියයි.
යුවරජුගේ හැසිරීම කෙසේ වෙයිද ?
රජතුමා මේ දෙදෙනාගේ මේ ප්‍රකාශයන්ට කෙසේ හැසිරෙයිද මේ නඩුව කෙසේ විසදයිද සෝහා යුවරජු කව්රුද කියලා දන්නේ නැ එකත් අසු වෙයිද ?අන්තිමට සෝන්ග් ඉන් දාපු උගුලට යුවරජු අසු වෙයිද ?
යුවරජුට තියෙන බලය ඇත්තටම යුවාන් හි බලයද නැත්තන් ඔහුට ඉන්නා පක්ෂපාති
මිතුරන්ගේ බලයද
” ජින් ගවන්
ජන්ග් ඒ!
මොවුන් මේ අහස යටදී අසන්නේ මගේ
නියෝගයන් විතරයි.”
යුවරජු මෑණියන්ට පවසන වදන් මේ ….
යුවරජුට අකමැති පිරිස් බොහොමයක් ඉන්නවා යුවරජුගේ පිටතින් කෙනෙක් දැක්කොත් හිතන්නේ සැපට හැදිලා බලයද ලැබිලා සැපෙන් ජිවත් වෙන කෙනෙක් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව … කෙනෙක් කොච්චර පෝසත් වුනත් ඔවුනට කවදාවත් ප්‍රශ්න නැ කියලා කියන්න බැ එය පිටින් පෙන්නේ නැ.මනුස්සයෙක්ට සතුටින් ඉන්න පුළුවන් බලය වැඩි වීමත් පෝසත් කම නිසාවත් නෙමේ පවුලේ ,මිතුරන්ගේ ආදරය සෙනෙහස නිසා.මේ කතාවේ යුවරජුට සතුටත් දුකත් තියෙනවා .මෑණියන්ගේ රැකවරණයත් පියාණන්ගේ ඉරිසියාවත් මැදින් මොහුට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ .ඉන්න හතුරන්ට වඩා පියාණන් ගේ ඉරිසියාව තරම් හිත රිදෙන දෙයක් මේ ලෝකේbකොහෙවත් නැතුව ඇති..
” මගේ පුතණුවන්ට
ඉපදුන වෙලේ ඉදන්ම
මට වඩා ලැබුණු දේවල් ගොඩක් තියෙනවා ..
කොහොමද
රජුට වඩා යුවරජුට
පියාණන් ට වඩා
පුතණුවන් ට තියෙන දේවල් ගොඩක්
එහෙම නොවිය යුතුයි නේද ?
තමන්ගේම ජිවිතේ පරදුවට තියලා
අරක්ශා කරන මිතුරෙක් ඉන්නවා .
කාන්තාවක් ද ඉන්නවා ..
මට ඒ කවුරුත් නැ …
එක්කෙනෙක් වත් නැ ..
ඒ වගේ දෙයක් නොවිය යුතුයි නේද ? “
යුවරජුට ලැබුණු දේවල් ගොඩක් තියෙනවා නමුත් පියෙක් හැටියට ඇත්තටම පුතාට
අදරේ නම් වෙන්න ඕන ඉරිසියාව නෙමේ මට නැති දේ මගේ පුතනුවන් ට තියෙනවා ඒක කොච්චාර
ලොකු දෙයක්ද කියලා හිතන එක නෙමේ ද වෙන්න ඕන ..
මේ ඉරිසියාව නිසා යුවරජුට රජු තෝරා ගැනීමක් දෙනවා ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න..
ඉරිසියාව මිනිස්සු අන්ධ කරයි ඒ නිසා පැහැදිලි මනසකින් ජිවත් වෙන්න ඉරිසියාව කියන මාරයට ඔබව
ගිල ගන්න දෙන්න එපා ….
කියමින් ඊලග කොටසින් නැවත ඉක්මනට හමු වෙමු .ඔබට ස්තුතියි!
Thank you sub ekata.. Jaya wewa!!!!! BS!!!!!!!!
බොහොම ස්තුතියි සබ් එක වගේම ලිපියත් සුපිරියටම තියෙනවා .
සබට තෑන්ක්ස් සිස්!
good job.. thanks
පට්ට ඈ තැන්ක්ස් සහෝදරි.