The King Loves (2017) [S01 : E15] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
කොහොමද ඉතින් මන් ඉක්මනටම The king loves හි 15 වෙනි කොටසත් ගෙනාවා ..
මොන කෙනා නිසාද ගොඩක් රිදුම් දෙන්නේ ?
සොහා ගේ සිතුවිල්ලක් …
මේ කොටස බලන්න පටන් ගත් වෙලේ ඉදන් බොහෝ සිදුවීම් වලින් පිරිච්ච කොටසක් කුමරු ඇවිත් සොහාගේ විවහාය නවත්තනවා .. ඒ වෙලාවේ කුමරු මුදල් ඇමතිගේ
එනම් සෝහා ගේ පියාණන් ගේ දේපල ගැන ඇදලා ගන්නවා ..ව්හ්හ් හිතා ගන්න බැරි
තරම් රජුටත් නැතුව ඇති ඒ තරම් දේපලක් ….සොහා කුමරුව හදුනා ගන්නවා … වගේම පුදුම වෙනවා ඇය මෙතෙක් කල් කුමරුගේ අරක්ෂකයෙක් කියලා හිතුව හන් චෝන් යුවරජු කියන්නේ ..පුදුම වෙන දෙයක් තමයි …
කුමරුට සොහා කවුද කියලා ඇගේ හැදිනුම මොකක්ද කියලා කලින් කියුවනම්.මෙතනින් එහාට වෙන සිදුවීම් වෙනස් වෙන්න තිබ්බා කියලා මට හිතුනේ.රිනුත් සොහා ගැනම අවධානය දීලා හිටිපු නිසා යුවරජුත් රින් ගැන අවධානෙන් හිටිය නිසාත් ඔවුන්ට මගහැරුණු දේවල් තියෙනවා ඒ නිසා කරදර එක පිට එන්න හදන්නේ ..
රැජිණියගේ මාන්නය බලය තරහව ඉරිසියාව නිසා ඇති වෙන කරදර රින්ටත් ඔහුගේ පවුලටත් …
යුවරජු ට අකමැති අය ගොඩක් ඉන්නවා කියලා ඔයාලත් දන්නවනේ ඔහුට අකමැති ඔහු යුවාන් රුධිරය ඇති නිසාත් ඔහු රජවුනොත් ගොර්යෝ යුවාන්වලට අයිති වෙයි කියලත් .. මන් ගොර්යෝ වැසියෙක් වුනානම් මන් මගේ රට ගැන වද වෙනවා ..වෙන රටකට නොදෙන්න ..ඒ වගේ කුමරුට අකමැති අය අතරේ ගොර්යෝ ව බේරගන්න දගලන අයත් ගොර්යෝ බේරගන්න කියලා පෙන්නලා බලය ලබා ගන්න අයත් ඉන්නවා ..ඔවුන් අකමැති වෙන්න ඕන කුමරුට නෙමේ. රැජිනියට නෙමේද මොකද ඇයයි යුවාන් සිට පැමිණියේ කුමරු ඉපදුනේ ගොර්යෝවේ ඔහු යුවාන් රුධිරයෙන් ඉපදුනේ ඔහුට ඕන නිසා නෙමේ නේ ඒ නිසා ඔහුට කරදර කරන එක අසාධාරනයි ..
මිනිස්සුන් විසින්ම යි හොදින් ඉන්න අය නපුරු කර ගන්නේ …රජතුමා රැජිනියට
සෙනෙහස දැක්වූවනම් ඇය මෙසේ නපුරු නොවෙන්න තිබ්බා ..
රජු ගැන කියුවොත් ඔහු කුමරුට මිනිස්සු ඉදිරියේ අපහස කරනවා …ඔහු රජ කෙනෙක්
වුනත් නුගත් කියලා හිතුනා වගේම මෝඩයි … ඔහොම මිනිස්සු ඉදිරියේ අපහස කර කර ඔහුගේ දුර්වල කම් පෙන්නන කොට සතුරන්ට ඔහුව වට්ටන්න හරිම ලේසියි ..
සෝහා ගේ හැදිනුම තවම යුවරජු දන්නේ නෑ ..වගේම රජුද දන්නේ නෑ
..
සෝන්ග් ඉන් හතුරා ඔහු කරදර මැද ඔහුගේ අවස්තාව ගන්නවා .. කෙල්ලවත් කුමරුවත්
අමාරුවේ දාන්න …
රජු ඉදිරියේ සොහාගේ වේල් එක ගලවන්න වෙනවා .. ඒ මොහොතේ එතන යුවරජුත් ඉන්නවා .ඇය වේල් එක ගලවලා ඇය හැදිනුම සගවපු එක හසු වුනොත් යුවරජුත් අමාරුවේ වැටෙනවා මොකද කලින් වතාවක රජුට සොහාව පෙන්නලා කියුවා ඇය ඔහුගේ කාන්තාව කියලා .ඒ නිසා රජු සොහා හදුනා ගනී එවිට කුමරු ඇයට හැදිනුම හනගන්න උදව් කලා කියලා යුවරජුත් දඩුවම් ලැබෙයි .. සෝන්ග් ඉන් ගේ සැලසුම මෙය වෙන්න ඕන කියලයි මට හැගුනේ ඒ දේ වෙයිද ? සොහා වේල් එක ගලවයිද? ඇය එවැනි තත්වයකට පත් වුනේ ඇයිද තව කතාවේ ගොඩක් මිට වඩා වැදගත් සිදුවීම් වෙනවා ඒ මොනාද කියලත් බලන්න ඉල්ලමින් .
ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!
ගොඩාක් ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .
Thank you sub ekata godakk BS!!!
ඔයාලටත් ගොඩක් ස්තුති හැමදාම හැම කොටසටම comment කරලා මාව දිරිය ගන්වනවාට…
Godak sthuthieee…
සබට තෑන්ක්ස් සිස්!
thank you…nice
සබට ස්තුතියි සහෝදරිය.