The King Loves (2017) [S01 : E01] Sinhala Subtitle
The King Loves (රජුගේ ආදරය)
කොහොමද හැමෝටම, The King Loves කියන කොරියන් Drama එකේ Hangul නම “Wangeun Saranghanda” සිංහලෙන් “රජුගේ ආදරය” වේ. මෙය Historical, Romance, Melodrama ගණයට වැටේ. මං මේ කතාව තෝරාගත්තේ Sub දාන්න ළමයෙක් Comment කරලා මගෙන් ඉල්ලුවා. ඒ නිසා වගේම මේකේ ලස්සන සිදුවීම් තියෙන නිසා ඔයාලා අසා වෙයිකියලා හිතුනා. මං ගැන කියුවොත් මුලින්ම Subz LK එකට මුලින්ම Sub දැම්මේ Scholar Who Walks the Night Korean Drama එකේ අන්තිම Sub 5 ට. එය නොබලපු අය ඉන්නවනම් බලන්න.
එකේන් පස්සේ මේ මගේ මුල් තනි Sub එක. ඔයාලා මේ කතාවටත් Sub එකටත් කැමති වෙයි කියලා හිතනවා. මේ කතාව ගැන කියුවොත් මෙහි කොටස් 40ක් තියෙනවා. පැයබාගේ කොටස්. මෙය MBC Korean චැනල් එක මගින් මුලින් විකාශනය වුනේ. කතාව Directed කළේ Kim Sang Hyeop විසින්, මේ කතාව ට පාදක කරගෙන තියෙන්නේ Korean මේ නම ම තියෙන නව කතා පොතකිනි. මෙහි සිටින නළු නිලියන් ගැන කියුවොත්, යුව රජ වන්ග් වොන් ලෙස Im Si wanද, ඊ යුම් සන් ලෙස Im Yoon ah ද ඇය ගැන Korean Drama බලන කෙනෙක් නම් නොදන්නා විදියක් නැ. ඇය මෙහි ප්‍රධාන නිළිය ලෙසද යුව රජ වන්ග් වොන් ගේ ලගම මිතුරා සහ ආරක්ෂකයා ලෙස වන්ග් රින් ලෙසින් Hong Jong hyun ද මොහු දෙවැනි නළුවා ප්‍රධාන ලෙස කියුවොත් හරි. සෝන්ග් ඉන් හතුරා ලෙස Oh Min-sukද, තව අය ගොඩක් හිටියට මේ 4 දෙනා වටා තමා හරියටම බැලුවොත් කතාව ගොඩ නැගෙන්නේ.
මේ කතාවේ ගැන පොඩ් හැදින් වීමක් කියුවොත්, යුව රජ වන්ග් වොන්, ඊ යුම් සන්, වන්ග් රින් ද යන තිදෙනා ලගම හොදම යාළුවන් වෙනවා. වගේම යුව රජ වන්ග් වොන් ද ඔහුගෙ මිතුරා වන්ග් රින් ද එකම මොහොතේ එකම වෙලාවේ එකම ගෑනුලමයට ආදරෙන් බැදෙනවා. පළමු බැල්මෙන්ම යුව රජ වන්ග් වොන් ට ලෝකේ වටිනම දේවල් 2යි තියෙන්නේ ඒ එයාගේ මිතුරා වන්ග් රින් ද ඔහු ආදරය කරන ඊ යුම් සන්ද වේ. ඊ යුම් සන් වෙනුවෙන් ඔහුගෙ තනතුරුද අත හරින තරම්. ඔහුගෙ මිතුරා වන්ග් රින් ඒ මොන වගේ ද ඊ යුම් සන් කැමති මේ දෙන්නගෙන් කාටද මේ තුන්කෝන් ආදරය එකිනෙකා දැනගත් විට කුමක් සිදුවෙයිද යුව රජුගේත් මිතුරා වන්ග් රින් ගේත් මිතු දම කෙසේ වෙයිද? ඔයාලාම මුළු කතාවම බලාලා එය සොයා ගන්න. මෙයාලගේ ආදරය මත කතාව ගොඩ නැගුනත් මං හතුරෙක් ගැන කියුවා මතකද? තමන්ගේ අල්ල මත මුළු රාජධානියම පලමනය කරන්න හදන මනුස්සයෙක්, ඔහුගෙ නපුරු කුහක වැඩ මැද යුව රජ වන්ග් වොන් ට රජ කමේ ඉන්න පුලුවන්ද? ආආ තව දෙයක් අමතක වුනා. යුව රජ වන්ග් වොන් කියන්නේ ගොර්යෝ (කොරියාව) රජතුමා සහා Yuwan (චින රජ වංශයක්) කුමරිකවකට දාව උපන් පුත් කුමරුය. යුවාන් ගැන කියුවොත් යුවාන් රාජ වංශය සැදුනේ මොන්ගෝලියාව චීනය ආක්‍රමණය කළ පසු සැදුනු රජවන්ශයකි. පියරජු කැමැත්තෙන් මේ යුව රජ වන්ග් වොන් ගේ මව විවහ කර ගත්තේ නැ වගේම ඔහු බයයි යුව රජ වන්ග් වොන් ට රජකම දෙන්න ඔහු යුවාන් රුධිරය මිශ්‍ර වී ඇත කියලා. මං කතාවේ ප්‍රධාන දේවල් පමණයි කියුවේ. මේ කොටසේ මේ මිතුරන් තිදෙනාගේ ප්‍රථම හමුවීම තියෙන්නේ… ඛේදජනක සිදුවීම් මැද හමුවෙන අපුරු බැදියාවක්… යුව රජ වන්ග් වොන් ඔහුගේ මිතුරා මුලින් ඔහුට හමු වුනු වෙලාවේ මිතුරා කියුව වදනක් මේ,
“මාලිගාවෙන් පිටත ත් ලෝකයක් තියෙනවා”
“ඒ ලෝකයෙ ත් මිනිස්සු ජිවත් වෙනවා”
“මාත් එක්ක යන්න එන්නේ නැද්ද ?” ලෙස යි…
“මේ ක ඔයාට”
“මටත් වඩා ගොඩක් ආදරය කළ”
“මගේ කතාවයි…”
…..මේ වන්ග් වොන් පවසන වදනක් ඔහු ගොඩක් ආදරය කරන කෙනාට…..
ගොඩක් ස්තුතියි!
(sub download කිරීමේදී ad සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැමිණිවිට site එකේ උදව් option එකට ගිහින් බලන්න. )
bohoma sthuuthi korean ekakata sub genaawata. kaalekin korean ekak dunne. digatama korean walata sub dei kiyala balaporoththu wenawa. budu saranai…..
thnxxxxxxxxxxxx
ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා . ගොඩාක් ස්තුතියි .
Thank you sub ekata… korean kathawakata sub genawata godak thanx.. digatama sub demu.. BS!!!!
බොහොම ස්තුතියි හැමෝටම දිගටම අපි සමග රැදී සිටින්න ..✌
Bohomathma isthuthi…..oba athulu subz.lk team ekata suba pathum
great work … keep it on … sathutui🙂
සබට තෑන්ක්ස් සිස්!
thanks for sub
sub ekata thanks sis
mara gemak dunna me sub hoyaganda thank bro
Iljimae , put your head on my shoulder korean drama wala sinhala subtitles denna puluwanda.